ධම්මික බණ්ඩාර

ඔහු මේ මාහැඟි ඖෂධය සොයා ගන්නට කරක් නොගැසූ තැනක් නැත. ලංකාවේ හතරදික් බාගයේම සොයා ජම්බුගස්මුල්ලේද නැති තැන ජම්බුද්වීපයට සේන්දු වූයේය. එහිද ගම්නියම් ගම් පීරමින් සොයනා කල්හි, යමුනා ගංතෙරට පිවිස, මේ ගමන තනිව සිටීම අකැපැයි සිතන්නේ, රාධාටද සෙනේ සිතින් මෙසේ ඇරියුම් කරන්නේය.

“හිම දියවී හිමාලයේ

යමුනා ගඟ නගයි තරංගා

සුදු පෙන කැටි බලන්න රාධා

සුලඟ හමයි සීතල සාදා

සීතල ගිනි ගනීද රාධා …”.

ඉනික්බිති කොරෝනා වෛරසයට ප්රතිරෝධී පැණිය සෙවීමේ ⁣කාර්යයට රාධාගෙ ස්වර්ණ හංසයන්ද කීකරු කොට යොදවන්නේ, රාධාගෙ පූර්ණ අනුදැනුම ඇතුව, යම් හෙයකින් එකී කාර්යය අසාර්ථක වන්නේද එහි සියලු වගකීම් තමා භාරගෙන දෙන ඕනෑම දඩුවමක් ඈ සම සිතින් දරන්නීයැයි ගිවිසුමක්ද ඇතිවය. ඒ ගිවිසුම යටකී පරිදිය.

“ක්රිෂ්ණා: සිනා රැලි නගා උතුරන

ඔය හදවත් නීල ජලාසේ

පීනන මේ ස්වර්ණ හංසයෝ

අකීකරුද මෙතරම් රාධා

රාධා : ඉඩදී දෙන්නට දඩුවම්

දෑස පියා ගන්නම් ක්රිෂ්ණා”.

යමුනා ගං තෙරින් නික්මෙන හෙතෙම නැවත මහවැලි ගංතෙරට පැමිණෙන්නේ ජයග්රාහී ලීලාවෙනි. ඒවනවිට පැණිය ගැන ලංකාධරණී තලයේ කෙතරම් කිතුගොස පැතීරී ඇද්ද යනු, අහක තිබෙන ලතා මඩුලුද ඔහුට අත වනන්නේය. ඒවාට පෙරලා අතවනන්නැයි සියපියම්බිකාව පවසද්දීත්, මේසා විසල් ප්රතිචාරයක් තඹේකට මායිම් නොකරන මේ අනතිමානී පුරුෂරත්නයෝ, ඒ සියල්ල අලුයමලූ කෙළ පිඩක්සේ බැහැර කරන්නෝ, මහවැලි නිම්නයෙන් නික්මෙන්නාහුය.

බිරිද: ලතා මඩුළු අත වනාවිඑපා අහක බලන්න

මාගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.”

එතැනින් පසු තමාගෙ නිවස කරා පැමිණෙන ඔහු එකී පැණිය මේ මහා වසංගතයෙන් අපමණ පීඩා විදින සුවහසක් ආසාධිත හුදීජනයා වෙත රැගෙන ගොස් රෝගය කෙළවර නීරෝගී සම්පත්තියටම එළැඹෙන්නැයි ආරාධනා කරන්නේ, කවුළු පියන්පත්ද හැරදමා කැමති කෙනෙක් වෙත්නම් රැගෙන යන්නට ඉඩදීය. නමුත් බලකිරීමක් නැත. අකමැති අයෙක් නෑවිත් හිටියාටද ඔහුගේ අහිතක් නැතිබව මෙසේ පළකරමිනි. “මගෙ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න තරහක් නෑ නෑවිත් ඉන්න.”ධම්මික බංඩාර ඔබට බොහෝ පින්!!

Leave a comment