දඩයක්කාරයෝ

මම ලංකාදීප පත්තරෙන් මේ ලිපිය කියෙව්වේ හරියටම පහුගිය සෙනසුරාදා. එදා ඉඳන් මේ ගැන සටහනක් ලියන්න හිතුවත් වෙලාවක් ලැබුණේ නෑ. ලැබෙන සුළුහරි වේලාවකදී හරි ලියන්න තරම් ගාමක බලයක් කිසිම මාද්යකින් ලැබුනෙත් නෑ. ඒ පහු උණු සෙනසුරාද ඉඳල අද වෙනකම් ගෙවුණු දවස් පහ, හරියට, සමාජයක් විදිහට  අපි දේවල් දකින විදිහ කියාපාන කණ්නාඩියක් වගෙයි. මනුස්සයින් විදිහට වැළඳ ගතයුතු,…

මනුස්සකම්!

මේ සිද්දිය උනේ පහුගිය ඉරිදා. ඒ කියන්නේ ඊයේ. හරියටම දකුණු අධිවේගේ 57 වන කිලෝමීටර කණුවේදී. නිවාඩු කාලේ සතිඅන්ත ඉරිදා දෙපැත්තටම එක වගේ වාහන පෝලිමට හැල්මේ දුවනවා. අපිත් ගොඩගමින් ඇතුල් වෙලා අතුරුගිරියෙන් එලියට යන්න හිතාන වේගෙන් ඉදිරියට ඇදෙනවා. මමයි, බිරිඳයි පුතයි එක්ක මේ ගමනට බිරිඳගේ තාත්තත් එක්වෙලා හිටිය. තාත්තයි මමයි ඉස්සරහ. පුතා එක්ක ඈ පිටිපස්සේ අසුනක….

සයිටම් පරීක්ෂනාගරේ මීයෙකු වන්නට පළමුව…

TV චැනල්වල, පත්තරවල හෝගාලා Ad යනවා. සමහරකට මුදල ගෙවලා කියලා යටින් යනවා. තව සමහරකට ගෙවල තියෙන ජාතිය සඳහන් කරන්න බැරි නිසාද කොහෙද නිකම්ම යනවා. කොහොම ගියත් යන්නේ 17 වෙනිදා නෙවිල් ප්‍රනාන්දු රෝහල සරලව කිව්වොත් සයිටම් රෝහල ජනතා අයිතියට පත් කෙරෙනවා කියලා. ඔය ජනතා අයිතියට පත් කිරීම් නම් අනාදිමත් කාලෙක ඉඳලා අපේ රටේ සිද්ධවුණා. අපේ බදු…

අමරසර නික්ම ගිය සඳ!

මා අමරදේවයන්ගේ ගීතයක් මුලින්ම ඇසුවේ කවදාදැයි නිච්චියක් නැත. බොහෝවිට මවු කුසේදීම අසන්නට ඇත. ඒ අපෙ අම්මා අමරදේවයන්ගේ උග්‍ර රසිකාවක වී හිඳි නිසා නොවන්නට ඇත්තේ එකම එක හේතුවකි. ගාල්ලේ සඟමිත්තා බාලිකාවෙන් අකුරු කළ ඈ, විමලා අමරදේව නමින් තමනට සිප්සතර කියාදුන් අපුර්ව ගුරුවරියක ගැනද ගුරුතුමිය බලන්නට මතු නොව උදේ හවා ඈ ඇරලවන්නට පාසලට පැමිණි එකල ජනප්‍රිය ගායකයෙක්…

අම්මා!

ඔයාගෙ ජීවිතෙ බේරගන්න නම් ඉක්මනින් ප්‍රතිකාර පටන් ගන්න වෙනවා එතකොට බඩේ ඉන්න දරුවා දරුවා සිසේරියන් එකකින් ගන්න වෙනවා ඒත් දරුවා තාම වැඩිල නැහැනෙ-කොහොමද දරුවගෙ ජිවිතෙ අවදානමෙ දාන්නෙ ඉක්මනින් ප්‍රතිකාර පටන්නොගත්තොත් ඔයාගෙ ජිවිතෙ අවදානමේ කමක් නැහැ ඩොක්ටර් දරුවා වැඩුනාවේ-කැන්සර් ට්‍රීට්මන්ට් පටන්ගතතොත් ඒ බෙහෙත්වලින් දරුවට හානියක් වෙනවා නම් මට ඒක කරන්න බැහැ ඒ අම්මා තමන්ගෙ ඇග ඇතුලේ…

පවුරු වළලු, ප්‍රසන්න සහ අපේ තාත්තා

ගාලු කොටුවේ පැරණි දොරකඩින් හැරුණු CL -9449 අංක තහඩුව දරණ කළු පැහැති මොරිස් මයිනර් රථය පටු වීදියකට අවතීර්ණව ලී අත්වැටක් සහිත නිවසක් ළඟ සෙමෙන් නතර වීය. එයින් බට, සුදු අත් දිග කමීසයකින් හා සුදු සරමකින් සැරසුණු, ඕලන්ද බොක්ක දෙසින් චන්ඩව හමා එන සුළඟටද නමා අවුළුවා හරින්නට නොහැකිවනසේ කොණ්ඩය ජෙල්ගා පස්සට පීරූ අපේ තාත්තාය. පසෙකින් තම…

ඩිල්ෂාන් ……!

මෙතුවක් කල් පැණි කොමඩු තීරු ලිපි එකතුවේ පළවුණේ මගේ නිර්මාණ පමණයි. එත් අද විශේෂත්වයක් තියෙනවා. මේක ලෝක ප්‍රකට ක්‍රීඩකයෙක් ගැන ඔහුත් එක්ක එකට ක්‍රීඩා කළ තවත් එක් ක්‍රීඩකයෙක් අතින් ලියවුන හෘදයාංගම සටහනක්. කාන්තා ඇසුරු සම්බන්ධව විනය විරෝධී හැසිරීම් පිලිබඳ ඔහුට යම් චෝදනා ඇතත් ක්‍රීඩකයෙක් ලෙස ඔහුට තිබු අපරිහත දහිරිය සහ රට දිනවීම සම්බන්දව තිබූ උනන්දුව…

මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්.. මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්….

අපි බොහෝ දෙනෙක් TV බලන්න පුරුදු වෙලා හිටියට රේඩියෝ අහන්න පුරුද්දක් නෑ. අපිට පුරුදු, රේඩියෝව ඇහෙන්න සලස්වලා අපේ වැඩක් කරගන්නයි. ඒ අතරිනුත් බහුතරයකට පුරුදු, වාහනේ යනගමන් ඇහෙන දෙකට කන් යොමන්න. ඔය වැඩේ මටත් අදාලයි. උදේට ගෙදර ඉඳල යනගමන්, කෑමට ඇවිත් සහ යනගමන්, හවසට වැඩ ඇරිලා එන ගමන් කියන කාල පරාසයන්ට අමතරව රාජකාරි දවස්වල පෑ දෙක…