ඉම්බයි කවුදයි

කැම්පස් එකෙදි වදින කාඩ් ගැන කියැවෙන ලිපියක් දැකලා මට මෙි කතාව මතක් උනේ. සමහර කැම්පස් වල මුළු බැච් එකටම කාඩ් දැම්මත් අපෙ නම් ඔක්කොටම එහෙම වැදුනෙ නෑ. සමහර විට 550ක් (MPR 450+Textile Eng 50+ Earth Resource Eng 50) විතර හිටපු නිසාද දන්නෙත් නෑ. කොහොම උනත් වැටිච්ච අය අතුරෙන් සමහරුන්ට හරි අපූරු නම් වැටිලා තිබුණා. දැන් මේ කතාවෙ කතා නායකයන් දෙන්නට වැදුණු කාඩ් දෙක තමයි ‘ඉම්බා’ සහ ‘කවුදයා’. එකක් ක්රියා පදයක් අනෙක ප්රශ්නයක්!.ඔන්න කැම්පස් එකට ගිය මුල්ම කාලෙ, එකිනෙකා අදුනගෙනත් නැති වෙලාවක මහ රෑ, බෝඩෙිමෙ නිදා ගන්න ගිහින් ඇදෙ ඉන්න ඉම්බට කෝල් එකක් එනව කවුදයාගෙන් මෙහෙම.ට්රීං ට්රීංං…ට්රීන්ඉම්බා: හෙලෝ.. හෙලෝ……කවුද කතා කරන්නෙ?කවුදයා: මචං මං කවුද. කවුද කතා කතා කරන්නෙ… පොඩි හදිසියකට..ඉම්බා : හදිසි උනාට කමක් නෑ. කවුද කතා කරන්නෙ කියපං මුලින්..කවුදයා: මං මුලිනුත් කිව්වෙ. මං කවුදඉම්බා: මාත් අහන්නෙ උඹ කවුද කියල තමා..(තරහින් වගෙ) ඇත්තටම උඹ කවුද ..?කවුදයා: ඇයි යකෝ මං කවුද. උඹ ඉම්බද?..ඉම්බා : මං ඉම්බත් නැතත් උඹට තියෙන අමාරුව මොකද්ද? අනෙක උඹ කවුද කියල කියන්නෙත් නැති එකේ මං මොකටද මමයි මගෙ කෙල්ලයි අතරෙ වෙන ඒව උඹට කියන්නෙ. (ටිකක් කල්පනා කරමින් …කෙල්ලගෙ අයියවත්ද දන්නෙත් නෑ)…උඹ කවුද කියපං මුලින්..?කවුදයා: යකෝ මං කවුද. උඹට තාම අදුනගන්න බැරි උනාද?ඉම්බා: හරි මං කියන්නම්… මං ඉම්බා තමයි. උඹ කවුද කියලා දැංවත් කියපං.කවුදයා: උඹ ඉම්බා කියලා මං දන්නවා. ඒකනෙ කෝල් ක⁣ළෙ මේ හදිසියේම රෑ. ඉම්බා : යකො තෝ මං ඉඹපුවයි, අල්ලපුවයි ඔක්කොම දන්නව. ඒ වුනාට කවුද කියන්න බෑ. මං මේ අන්තිම පාරට අහන්නෙ… උඹ කවුද ….කවුදයා: මචං මං .. මං මේ කවුද තම.. යි…දඩාස්! ඉම්බා කෝල් එක කට් කරලා එනකොට තමයි දැක්කෙ ඇදන්වල හිටපු සගයො බඩ අල්ලන් හිනාවෙනවා…

Leave a comment