පවුරු වළලු, ප්‍රසන්න සහ අපේ තාත්තා

ගාලු කොටුවේ පැරණි දොරකඩින් හැරුණු CL -9449 අංක තහඩුව දරණ කළු පැහැති මොරිස් මයිනර් රථය පටු වීදියකට අවතීර්ණව ලී අත්වැටක් සහිත නිවසක් ළඟ සෙමෙන් නතර වීය. එයින් බට, සුදු අත් දිග කමීසයකින් හා සුදු සරමකින් සැරසුණු, ඕලන්ද බොක්ක දෙසින් චන්ඩව හමා එන සුළඟටද නමා අවුළුවා හරින්නට නොහැකිවනසේ කොණ්ඩය ජෙල්ගා පස්සට පීරූ අපේ තාත්තාය. පසෙකින් තම…