මේ සිරමැදුරෙන් පැනයන්නට ඇත්නම්.. මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්….

අපි බොහෝ දෙනෙක් TV බලන්න පුරුදු වෙලා හිටියට රේඩියෝ අහන්න පුරුද්දක් නෑ. අපිට පුරුදු, රේඩියෝව ඇහෙන්න සලස්වලා අපේ වැඩක් කරගන්නයි. ඒ අතරිනුත් බහුතරයකට පුරුදු, වාහනේ යනගමන් ඇහෙන දෙකට කන් යොමන්න. ඔය වැඩේ මටත් අදාලයි. උදේට ගෙදර ඉඳල යනගමන්, කෑමට ඇවිත් සහ යනගමන්, හවසට වැඩ ඇරිලා එන ගමන් කියන කාල පරාසයන්ට අමතරව රාජකාරි දවස්වල පෑ දෙක…

සෙනුජ

සෙනුජ කියන්නේ අපේ එකම පුතා. වයසින් අවුරුදු දෙකකුත් මාස දෙකක්. ඔය වයසේ ළමයි ඉන්න අම්මල තාත්තලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමන්ගේ ළමයට කවන එක කියලයි මටනම් හිතෙන්නේ. හරියටම කියනවනම්, විසදුමක් ලැබෙනවනම්, පාදයාත්‍රාවක් උනත් යන්න ඕන තරම් ඒක උච්ච දැවෙන ප්‍රශ්නයක්. අපි දෙන්නම ගෙදර නැත්නම් උවනිගේ තාත්ත තමයි පුතාට කවන්නේ. දෙන්නම ඉඳලත් කවන්න ගිහින් තාත්තගේ විදේශ ආධාර…

චීන්නු

අමු සිංහලෙන් ලියූ බෝඩ් උස්සගෙන, තම ජීවිත වලට ආරක්ෂාව ඉල්ලා උද්ගෝෂණ කළ චීන්නු ගැන කතාව දැන් ටිකක් පැරණිය. මාහට මුලින්ම චීන ජාතිකයින් හා එකට වැඩ කිරීමට ලැබෙන්නේ හම්බන්තොටට ලද මාරුවත් සමගිනි. ඒ එය චීන exim බැංකුවෙන් ලද ණය මුදලකින් කෙරුණු මාර්ග ව්‍යාපෘතියක් නිසාය. ණය දීමෙන් නොනැවතී කොන්ත්‍රාතුවද තම රටට ගැනීමේ චීන ප්‍රතිපත්තිය නිසා ලද අවස්තාවක්…

වග තුග

  සුදු අත්තම්මා ගැන ලියල සති දෙකකටත් වැඩිය ගෙවුණා ආයේ මුකුත් නොලියම. පහු ගිය සති දෙක තුනම බෙහෙවින්ම කාර්යබහුල වුණා. අකුරු ටික type කරන්න, ටික වෙලාවකට හරි අත නිදහස් කරගන්න ලැබුනත් හිත නිදහස් කරගැනීම එහෙම ලේසියෙන් කරගන්න බෑ. ඒකට උට්ටාන වීර්යය නොසෑහෙන්න ඕන. මේ ටික කියව ගෙන යන කෙනෙකුට අද topic එකනම් දාර්ශනික එකක් කියල…

සුදු අත්තම්මා

පි බොහෝ දෙනෙක් උපදිනකොට අත්තම්මලා දෙන්නම ජීවත්ව ඉන්නවා. සමහරක් දෙනෙක්ට අඩු ගනනේ එක්කෙනෙක්වත් ඉන්නවා. කලාතුරකින් දෙන්නම නැති අයත් ඉන්නවා. ඔයින් මං අයිති වෙන්නේ පළමු කාන්ඩෙට. හැබැයි එයින් වැඩි කාලයක් ගත කරන්න ලැබුනේ තාත්තගේ අම්මත් එක්ක. එහෙම නැත්නම් ‘සුදු අත්තම්ම’ එක්ක. ඒකත් හරි අපුරු අහම්බයක්. තාත්තගේ පවුලේ සාමාජිකයෝ දෙන්නයි. අපේ තාත්තා ඉන් වැඩිමලා. හරි නම් මහ…

ඒ තමයි අම්මා

හැම සිකුරාදාවකම හැන්දෑවට, මට එන ඇමතුමක් තියෙනවා. අහන්නේ “චූටි හෙට එනවද කියල”. උවනිගේ රාජකාරිත් එක්ක හැම සතිඅන්තයකම ගාල්ලේ අපේ ගෙදර යන්න නිවාඩු හදාගන්න බැරි බවත්, ගිය සතියේ ඇවිත් ගියොත් බොහෝ වෙලාවට මේ සතියේ නොඑන බව දන දැනත් ඔය ඇමතුම නොකඩවා එනවා. ඒ තමයි අපේ අම්ම. ගිය සතියේ පොසොන් පෝය වැටිලා තිබුනේ ඉරිදා. උවනිට සෙනසුරාදත්, මට…

උපන්දින සාදය

මේ තාම ගෙවෙන්නෙ පොසොන් සතිය. ඒ උනාට මේ කතාව වෙසක් ගැන. මේ පාර වෙසක් පෝය වැටුනේ 21, 22 දවස් දෙකට. එයින් 22 විශේෂයි. අපේ සෙනුජ පුතා ඉපදුනේ මැයි 22, හරියටම 2014. ගියපාර නම් කේක් කපල පොඩි පාටියක් තිබුණ. ඒ පුතාගේ පළවෙනි උපන්දිනය නිසා. හැබැයි අපි ඒ දවස්වලම කතා උනේ ඒක පළමු සහ එකම උපන් දින…

පැණි කොමඩු

පහුගිය කාලේ පුරා විවිධ හේතු නිසා, නොයෙක් පුද්ගලයන් අරභයා තියපු සටහන් කියවපු, දැකපු අය ඒවාට නානාප්‍රකාර ප්‍රතිචාර දක්වලා තිබුනා. “like” එකකින් දිරිමත් කිරීමේ සිට ටෙලිෆෝන් call එකක් දීම දක්වා පරාසයක ඒ ප්‍රතිචාර විහිදිලා තිබුණා. ඒ එක්කම ඒ අතරින් බහුතරයකට මේ ලිවීම තවත් සංවිධානාත්මකව වඩා දුරකට ගෙනයන්න ඕන වෙලා තිබුනා. කොහොම උනත් අන්තිමේදී තියෙන ඉඩකඩත් අරගෙන…