දඩයක්කාරයෝ

මම ලංකාදීප පත්තරෙන් මේ ලිපිය කියෙව්වේ හරියටම පහුගිය සෙනසුරාදා. එදා ඉඳන් මේ ගැන සටහනක් ලියන්න හිතුවත් වෙලාවක් ලැබුණේ නෑ. ලැබෙන සුළුහරි වේලාවකදී හරි ලියන්න තරම් ගාමක බලයක් කිසිම මාද්යකින් ලැබුනෙත් නෑ. ඒ පහු උණු සෙනසුරාද ඉඳල අද වෙනකම් ගෙවුණු දවස් පහ, හරියට, සමාජයක් විදිහට  අපි දේවල් දකින විදිහ කියාපාන කණ්නාඩියක් වගෙයි. මනුස්සයින් විදිහට වැළඳ ගතයුතු, අත්හරියයුතු දේවල් නුල්බෝලයක් වගේ පටලගත්තු අපි, සොසේජ් කරල මිරිකලා මැද්දෙ සුද අයින් කරන්න, ලෙල්ල ඇරලා කෙහෙල් ගෙඩිය පිටින් කටේ රුවාගන්න, මනුස්ස ජීවිතෙක වටිනාකම් නොදැන ජීවිතේ හැරදා ගිය අයගේ කසාද/ දික්කසාද වංහුං හොයන්න දීපු ප්‍රයොරිටි එක මේ අහිංසක කිරිසප්පයගේ ජීවිතේට ලැබුණ නං!

මේ සිද්දිය වෙන්නේ නාමල්පුර, ආසිරිගම කියන ගමේ. අම්මට 24යි. තාත්තට 26යි. බිලින්දගේ ඉතිරිවුණු ශරීර කොටස් ටික තබා තිබුනෙ  අසල්වැසියෙක්ගෙ ගෙදරක. හදිසි මරණ පරීක්ශනේ ඉවර වෙලා, මිනිය ගෙදරට අරන් යන්න කියල කිව්වහම මූණෙන් මුණ බල හිටපු නෑදෑයින්ට රුපියල් 50,000ක් එකතු කරලා දීල ගෙදර එවල තියෙන්නේ දඹුල්ල රෝහලේ වයිද්‍යවරු/ හෙදියෝ ඇතුළු රෝහල් සේවකයින්. දේහය අසල රැස්වෙලා හිටපු නෑදෑයින් ඇඳගෙන ඉන්නේ වැරහැලි උණු ඇඳුම් ආයිත්තම්. ඒ අතරේ හිටපු තරුණ/වැඩිහිටි බහුතරයක් බමන මතින්.

මේ ටික කියවගෙන යන කෙනෙකුට මේවා මෙහෙම ලංකාවේ වෙන්න පුලුවන්ද කියල දැනටම හිතිලා ඇති. මට හොඳටම විස්වාසයි ඔබ මේ සටහන තව පහලට  එක හුස්මේ කියෙව්වොත් කරකවලා අතාරෙනවා කියල.

ඇත්තටම, මේ බිලින්දට මොකද උනේ? ගමේ බොහෝ දෙනෙක් මුනිවත රකිද්දී හඬ අවධි කරපු කීප දෙනෙක් ඉන්නවා. මේ ඒ අතරින් දරුවාගේ අම්ම. උපුටා ගැනීම: “මට දුල දෙන්නෙක් ඉන්නවා. මේ නැති ඉනේ තුන් වෙනියා පුතා. ලැබිල දවස් හතයි. දවස් හතකින්ම වැඩකට යන්න බැරි උන ළමයින්ගේ තාත්ත එදා උදේ පිටත් උනා. එය කලේ ගිහින් මී කඩනවා, බඹර කඩනවා දඩයමුත් කරනවා. පි හැමෝම ජීවත් වෙන්නේ පුංචි කටු මැටි ගහපු එක කාමරයක. පුතා කාමරේ මැද පදුරක නිදි කරලා අනිත් දරුවෝ දෙන්නට කන්න මුකුත් හදන්න කුස්සියට  ගියා. අපේ ගෙට එක දොරයි තියෙන්නේ. පිටිපස්ස මැටි ගහල වහල තියෙන්නේ.  ලොකු දුවට කිව්වා අම්මල ගේ ගෙදරට ගිහින් හාල්  හුන්ඩු 2ක් ඉල්ලන් එන්න කියල, තාත්ත ආවහම නය බේරන්න. එතකම් මම ගියා  ලිඳට. ඇවිත් මුට්ටියට වතුර ටිකක් දාල ලිප තියන්න දානකොටම, චුටි දුව කිව්වා අම්මේ මල්ලි කෙදිරි ගානවා වගේ ඇහෙනවා කියලා.ඒ එක්කම මම ගිය ඉස්සරහට. බලනකොට බල්ලෙක් පුතාගේ ඔලුව වටේ කරකැවෙනවා. ඒ බල්ලා සුදු පාට එකෙක්. මම කවදාවත්ම ඌව දැකල නෑ. මම පහත වෙලා පුතාව ගන්නකොට දැක්කෙ …………ඔබට තවදුරත් මේ සටහන කියවිය හැකිද? මට ඊට අකුරු ගැලපිය හැකිද?

(සමාවෙන්න කියන්න බැරි  උනා කළබලේට උපුටා ගැනීම අවසන්)

දැන් ඔබට කියවන්න ලැබෙන්නේ ගමේ යමක් කමක් තේරුම් ගත හැකි පිරිසකගේ හඬයි. උපුටා ගැනීම: “මේ සිද්දිය නිසා මුළු ලෝකෙම කම්පා උනා. එත් මේ ගම්මානේ බොහෝ දෙනෙක්ට ඔය දුක දැනෙන්නේ නෑ. මොකද ගමේ වැඩි පිරිස කන්නේ ජීවිකාවට සත්තු මරණ එක. මස් විකුණන එක. බඹර කුඩු කඩලා පැණි ටික හුරගන්න එක. එකට දඩයම් බල්ලෝ හුරු කරවලා. අපිට එළු පැටියෙක්/හරක් පැටියෙක් හදා  ගන්න විදිහක් නෑ.මරල හාපුතාලට ගිහින් දෙනවා.” (උපුටා ගැනීම අවසන්)

සැබවින්ම ඔවුන් ඒ තත්වයට පත්ව ඇත්තේ ඇයිද යන්න  විමසීම ඊටත් වඩා එහා ගිය ඛේදයකි.(උපුටා ගැනීම: “ගමේ මිනිස්සුන්ට කරන්න වෙන වැඩකුත් නෑ.ගොවිතැන් කරන්න වතුර නෑ. ඉඩමුත් නෑ. කුලී වැඩත් නෑ. දරු පවුල් රකින්න ඕන නිසයි දඩයමේ යන්නේ. දැන් ආසිරිගම කියල ඇහුව ගමන්ම මිනිස්සු අපිව මගාරිනවා. දඩයක්කාරයෝ ඉන්න ගමක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එක මේ ගමේ හැදෙන දරුවන්ටත් හොඳ නෑ. එත් කාට කියන්නද? කිව්වට උන් අහන්නේ නෑ. දැනමුතුකම් අහන්න උන ඉගෙනගෙනත් නෑ. සත්තු වගේ ඉන්නේ. උදේ රෑ කියල බලන්නේ නෑ, බීගත්තු  ගමන් ඉන්නේ. මුන්ව සුගතියකට ගන්න කවුරුවත් එන්නේ නෑ”

ගමට පිටින් කවුරුහරි එන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට සමත් එකදු මිනිසෙක්වත් එගම විසීම පමණක් මේ කතාවේ සිතේ බර හෑල්ලු කරන්නට ඇති එකම කාරණාව බව සිහිපත් කරමින් ඔහුගේ වදනින්ම මේ සටහන නිමාකරමි. ඔබේ හිත මහා බරකින් පුරවන්නට වුවාට සම වන්න.

උපුටා ගැනීම:” පොලෝසිය හරි වෙනත් රජයේ නිලධාරීන්  හරි ගමට බැරිවෙලාවත් එන්නේ එයාගේ පාටියට, උපන්දිනයට, සාදයට මස් ඕඩර් කරන්න.දඩ මස් ගෙනියන්න.මෙහෙ දඩමස් කිලෝවක් විකිනෙන්නේ රු. 300 ගානේ” (උපුටා ගැනීම අවසන්)

Leave a comment