සයිටම් පරීක්ෂනාගරේ මීයෙකු වන්නට පළමුව…

TV චැනල්වල, පත්තරවල හෝගාලා Ad යනවා. සමහරකට මුදල ගෙවලා කියලා යටින් යනවා. තව සමහරකට ගෙවල තියෙන ජාතිය සඳහන් කරන්න බැරි නිසාද කොහෙද නිකම්ම යනවා. කොහොම ගියත් යන්නේ 17 වෙනිදා නෙවිල් ප්‍රනාන්දු රෝහල සරලව කිව්වොත් සයිටම් රෝහල ජනතා අයිතියට පත් කෙරෙනවා කියලා. ඔය ජනතා අයිතියට පත් කිරීම් නම් අනාදිමත් කාලෙක ඉඳලා අපේ රටේ සිද්ධවුණා. අපේ බදු සල්ලි වලින්ම හදලා ලොකු උස්සවයක් එහෙම තියලා පීත්ත පටි කපලා බොහොම උජාරුවට උන්ගේ නම් ගහගෙන සිද්ධ උණා. project එකේ actual cost එකයි, 20% ඉඳලා 50% විතර වෙනකම් ඈතට විහිදුන කොමිස් බාගෙයි, ඔය උස්සවේට යන ධන සම්බාරෙයි එකතු උනාම ඒක කොච්චර ලොකු ගාණක් උනත් අපේ රටේ මිනිස්සු ඒවා ඔක්කොම ඉවසගෙන එදාට උස්සවෙටත් ගිහින් අව්වේ පිච්චි පිච්චි ඉඳන් අප්පුඩියකුත් ගහලා ආවේ පස්සෙන්ද ඉඳන් ජනතා අයිතියට පවරා ගෙන.

අනෙක් අතින් සාමාන්‍යෙන් මිනිස්සු teaching hospitals වලට යන්න මැළි කමක් දක්වනවා. ගියත් proff. units (මහාචාර්‍ය ඒකක) වලට යන්න කැමති නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් වෛද්‍ය පෝතකයන් ඇඳ වටේ රැස්කකා ප්‍රශ්න අහන එකට, තමන්ව අත පත ගාලා diagnose කරනවට මිනිස්සු අකැමැති වෙන එකේ පුදුමයකුත් නෑ බලන් ගියාම. හැබැයි කරණා දෙකක් නිසා මිනිස්සු ඒක ඉවසන්න පුරුදු වෙලා සිටිනවා. එකක් තමන් ආවේ රජයේ රෝහලකට. ප්‍රදේශයේ නමගිය පරිණත ආචාර්‍ය/මහාචාර්‍ය විශේෂඥ යන්ගෙන් තමන්ට නොමිළේ ප්‍රතිකාර ලැබෙන නිසා. දෙවෙනි එක මේ ළමයින්ගේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රායෝගික ටික (clinicals) සම්පුර්ණ වෙන්න්න නම් තමන් මේ කැපවීම දක්වියයුතුමයි කියලා යම් අවබෝධයක් තියෙන එක.

දැන් අපි සයිටම් රෝහල පැත්තට හැරිලා බලමු. ජනතා අයිතියට පත්වූ නිසා සුදුසුකම් ලත් වෛද්‍ය කාර්‍ය මන්ඩලයක් ලබන මාසේ ඉඳල ඔතනට ලැබෙනවා කියල මොහොතකට උපකල්පනයක් කරමු. තමන් පීඩා විඳ විඳ කොහෙවත් ඉන්න sss තුනේ එහෙම නැත්නම් ලක්ෂ 120 පුද්ගලයන්ට සහ ඒ අයගේ දෙමව්පියන්ගේ සමහරවිට මාමන්ඩිලා නැන්දම්මලගේ වෛද්‍ය සිහින හැබෑ කරගන්න මීයන් වෙනවද කියලා හිතන්න කාලයයි.!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s