අමරසර නික්ම ගිය සඳ!

මා අමරදේවයන්ගේ ගීතයක් මුලින්ම ඇසුවේ කවදාදැයි නිච්චියක් නැත. බොහෝවිට මවු කුසේදීම අසන්නට ඇත. ඒ අපෙ අම්මා අමරදේවයන්ගේ උග්‍ර රසිකාවක වී හිඳි නිසා නොවන්නට ඇත්තේ එකම එක හේතුවකි. ගාල්ලේ සඟමිත්තා බාලිකාවෙන් අකුරු කළ ඈ, විමලා අමරදේව නමින් තමනට සිප්සතර කියාදුන් අපුර්ව ගුරුවරියක ගැනද ගුරුතුමිය බලන්නට මතු නොව උදේ හවා ඈ ඇරලවන්නට පාසලට පැමිණි එකල ජනප්‍රිය ගායකයෙක් ගැනද නේක කතා රස කරමින් උකුලේ හොවාගත් මා හිස පිරිමදිමින් කියනු අද මෙන් මතකය. සරල, නිහතමානි ඒ දෙපළ ගැන අද මුළු රටක් කතා කරන මොහොතක, ඒ අතීත මතකය මේ පුංචි මිනිසා ගැන අල්ප සටහනක් හෝ තබන්නට වැඩ රාජකාරී මධ්‍යයේද සිතට බල කරයි.

බොහෝ දෙනෙක්ට ඔහු හෙළයේ මහා ගායකයානෝ පමණකි. එකී ගී හඬ අමරදේව නම්වූ මහා සංගීත වේදියානන් පරදමින් නැග විත් වසාගත් වලාකුලක්සේ රැදුණු බව මාගේ පුද්ගලික අදහසයි. ඉන්දීය අනුකාරකවාදී අනුභූතියක සිරව පැවති හෙළ සිනමා සංගීතය, “රන්මුතුදූවෙන් ” දියත්කොට මෙගොඩට උඩුගම් බලා පැද එන්නට ඔහු එදා නමසිය හැට දෙකේදී හබල සියතට නොගන්නට, අපට ඒ ගමන එන්නට තවත් දසක දෙක තුනක් වත් කල් ගත වනු නොවනු මානය. කේමදාසයන් කැටයම් කපා, ඔප දමා බොහෝ සුරු කම් පෑවේ අමරදේවයන් පෙන්වූ මාවතේ ඉදිරියට ගොස් බව අසන්නට අද අමරදෙවයන්ද කෙමදාසයන්ද නැත. නමුත් ඉතිහාසයට සාධාරණය පිණිස ඒ බැව් අද හෝ ලියා තැබිය යුත්තකි.

අද සංගීත ලෝකයේ බොහෝ පිරිස් තමන් ජාත්‍යන්තරය ජයගත් බවද ඉන් සමහරෙක් මුලින්ම පිවිසියේ තමන් බවටද පාරම් බාති. අප, සංගීතය හෝ සිනමාව හෝ වෙනයම් කලාවක් හෝ එක් තැනක පල්ව, කොදෙව්වක සිරව පැවතිය යුතු යැයි හණමිටි කර ගසන්නෝ නොවෙමු. එහෙත් මීට බොහෝ කලකට පෙර නමසිය හැත්තෑ දෙකේදී “ගෞමී සලාම්”නම්වූ මාල දිවයින් ජනරජයේ ජාතික ගීය සඳහා තනු නිර්මාණයට ඇරයුම් ලබන්නට එතුමන් සමත් වන්නේ ඒ වනවිටද හෙතෙම මේ පුංචි කොදෙව්වෙන් ඔබ්බට පා තබා සිටි නිසාය. වෙනත් රටක ජාති ගීයකට තනුව හදන්නට ලැබීමම කෙතරම් භාග්‍යක්ද ?

තමන්ට ලියාදී ඇති පද පෙළෙහි අරුතවත් තේරුම් ගෙන රස භාව නිෂ්පත්තියට ශක්‍යතාවක් නැති, අද දවසේ බිහිව ඇති හිස් ළතෝනි දෙන්නන් අතරේ. හෙතෙම බහුශ්‍රුතයෙකියි. සිය දකුණත ඉහලට පහලට වනමින්, ගේය පදරචනයට ඔබ්බෙහි වූ, නිදාන කතාද ඒවාට අනුභූතවූ චරිතද ගෙන ගීයට පෙර ඔහු ගෙනෙන විවරණ අසන්නට අප පින් කළාට අපේ පුතුන් පින් කර නැත. ඔහු කල නිර්මාණ ඇතුවාට එකී විවරණ කිසිතැනක පටිගතවී නැත.

මහැදුරු කාලෝ ෆොන්සේකා අමරදේවයන්ගේ උපන් දිනය නිමිත්තෙන් 2010 දෙසැම්බර් 04 වනදා ඩේලි නිවුස් පුවත් පතට ලියු ලිපියකින් මේ සටහන නිම කරමි.
“As to Amaradeva’s role in uniting the nation to which he and we belong by the magic of his music, there cannot be any manner of doubt. The melody he created for Dalton Alwis’s lyric sasara wasana thuru and the exquisite style with which he performed it vocally made Amaradeva the noblest promoter of patriotism in our nation. His song Rathna deepa janma bhumi has assumed the unofficial status of Sri Lanka’s national song. Amaradeva says: “I routinely sing it as the last item in my musical concerts and audiences invariably, spontaneously and enthusiastically join in as I sing it. On such occasions I feel one with them”. When Amaradeva feels one with us, we feel one with him. So we love him because we love ourselves.”

අමරදේවයන්ට දැනෙන විට අප ඔහු සමග බව අපට දැනෙයි ඔහු අප සමබ බව. අපි ඔහුට ආදරය කරමු, මොකද අප අපට ආදරය කරන නිසා. ඔබට නිවන් සුව ජාතියේ පියාණෙනි!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s