වග තුග

 

සුදු අත්තම්මා ගැන ලියල සති දෙකකටත් වැඩිය ගෙවුණා ආයේ මුකුත් නොලියම. පහු ගිය සති දෙක තුනම බෙහෙවින්ම කාර්යබහුල වුණා. අකුරු ටික type කරන්න, ටික වෙලාවකට හරි අත නිදහස් කරගන්න ලැබුනත් හිත නිදහස් කරගැනීම එහෙම ලේසියෙන් කරගන්න බෑ. ඒකට උට්ටාන වීර්යය නොසෑහෙන්න ඕන. මේ ටික කියව ගෙන යන කෙනෙකුට අද topic එකනම් දාර්ශනික එකක් කියල සමහර විට හිතෙනවා ඇති. එක එක එහෙමම නෑ.

මම උපාධිය සම්පුර්ණ කළේ 2008 ජුනි වල. හැම තැනම බෝම්බ පිපිරෙන කාලේ. බදු මුට්ටු සේරම පැක් කරගෙන ගෙදර ඇවිත් හරියටම දවස් තුනයි ගෙවුනේ කටුබැද්දේ ක්ලේමෝ එක බ්ලාස්ට් වෙද්දී. දවස් තුනකට කලින් මම පැනගත්තත් අපේ batch එකේ ගැමුණුට ඒ කඩයිම පනින්න ආයුෂ ඩිංගක් මදි උණා. කැම්පස් එක ලඟින් බස් එකට ගොඩ වෙලා තිබුණු ඔහුට පා පුවරුවේ පඩි කිහිපය ගමනාන්තයට පෙරාතුව නැග ගන්න බැරි උනා සේම, තීරණාත්මක උ/පෙ කඩයිම පැනල අවුරුදු 4කම කට්ට කාල තමන් දෝතට ගත්ත විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) උපාධියෙන් පල නෙලා ගන්න මොහොතක් තියල ජීවිත රඟ මඩලෙනුත් අතර මගකදී බැස යන්න උනා.

කියන්න ගිය කතාව ඕක නෙමෙයි. ජුනි වල ගෙදර ආවට, චට පට වෙඩි හඬ, බෝම්බ සද්ද මැද්දේ කොළඹවත් වෙන ඈතක වත් රස්සාවකට යනවට ගෙදරින් කැමති උනෙම නෑ. ජොබ් හොය හොය මාස එක හමාරක්ම ගත වෙලා තමයි ඔය කියන ජාතියේ ජොබ් එකක් ලැබුනේ. ඒ ජපන් කම්පැනි එකක්. හරියටම කිව්වොත් සදර්න් හයිවේ කුරුදුගහ – .පින්නදුව කොටසේ ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමේ. නමින් කුමගායි ගුමි. ඔය ජපන්නු ළඟ අවුරුදු දෙකක්ම ඉඳල තමා, මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩට ආවේ. එහෙ මුලින්ම වැටුනේ ප්‍රසම්පාදන අංශෙට. එකට යන එකත් එක්තරා අපුරු අත්දැකීමක්. මොකද එක තිබුනේ බත්තරමුල්ලේ උනාට සෙත්සිරිපායේ නෙමෙයි. පාලම් තුන හංදියේ ground එක ඉස්සරහින් වැටිලා තිබුණු කන්දෙවත්ත පාරේ. පයින් ගියොත් ලෝබ නැතිව කි. මි. 2/3ක් ඇදල දාන්න වෙන වෙහෙසකර ගමනක්. ගියාට පස්සෙයි දන්නේ ඇතුලේ ඉන්න එක ඊට වැඩිය මොනතරම් වෙහෙසකරද කියල. කොටින්ම RDA එකේ අය ඒකට කියන්නේ සයිබීරියාව කියල. punishment transfer එහෙකට ඇර කවුරුවත් ඉල්ලලා යන තැනක් නෙමෙයි එතැන. මොන වරද්දකටද දන්නේ නෑ හා හා පුරා කියල මාව දැම්මේ. ඔහොම අවුරුද්දක්ම පවා ගෙවිල ගියාට පස්සේ තමා හම්බන්තොටට යන්න ලැබුනේ.

එතන ඉඳල කතාව වෙන දවසක …..

Advertisements

One Comment Add yours

  1. Lahiru says:

    අයියේ…… බොහොම පොඩ්ඩයි ලියල තියෙන්නෙ……..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s