ඒ තමයි අම්මා

හැම සිකුරාදාවකම හැන්දෑවට, මට එන ඇමතුමක් තියෙනවා. අහන්නේ “චූටි හෙට එනවද කියල”. උවනිගේ රාජකාරිත් එක්ක හැම සතිඅන්තයකම ගාල්ලේ අපේ ගෙදර යන්න නිවාඩු හදාගන්න බැරි බවත්, ගිය සතියේ ඇවිත් ගියොත් බොහෝ වෙලාවට මේ සතියේ නොඑන බව දන දැනත් ඔය ඇමතුම නොකඩවා එනවා. ඒ තමයි අපේ අම්ම.

ගිය සතියේ පොසොන් පෝය වැටිලා තිබුනේ ඉරිදා. උවනිට සෙනසුරාදත්, මට නිවාඩු ලැබිල තිබුණු සඳුදත් වැඩ වැටිලා තිබුනා. ඒ දෙක වෙනස් කර ගන්න try කරලා බැරිම තැන පෝය දවසේ උදේ ගිහින් හවස එන්න හරි ගෙදර යන්න ඕන කියල හිතන් ඉන්න කොට සුපුරුදු පරිදි අම්ම කතා කරලා තිබුන. ඉතින් අපේ සැලැස්ම කියපුවහම අම්ම මුලින් ටිකක් මිශ්‍ර ප්‍රතිචාරයක් තම දක්වල, ඉරිදට සිල් ගන්න අදහස් කරන ඉන්න බව කියල තිබුන. අපේ ගෙදරට එහා පැත්තේ සුපුරුදු පරිදි පොසොන් දන්සලත් මේ වතාවෙත් සුපුරුදු පරිදිම තියෙන බවත් අම්ම කිව්වා. අය්යා ගෙදර තනිකරලා පන්සලේ සිල් ගන්න නොයන අම්ම ගෙදරම සිල් ගනීවි කියල මං දන්නවා. දකින හැමදේම අදින, කඩන, පෙරළන වයසේ ඉන්න අපේ සෙනුජ එක්ක ගෙදර ගියොත් අත්තම්මගේ සීලේට වෙන්න යන නස්පැත්තිය ඉන්තේරුවෙන්ම දන්නා මම ඒ අනුව ගෙදර යන්දෝ නොයන්දෝ කියල තව වතාවක් හිතුව.

ඔහොම ඉන්න අතරේ අම්ම සෙනසුරාද හැන්දෑවේ කතා කළා. කතා කරලා කියනවා හෙට උදේ පුතත් එක්ක අපි තුන්දෙනාට එන්නැය කියල. ඉතින් මම ඇහුව එතකොට අම්ම දැන් සිල් ගන්නේ නැද්ද කියල. අම්ම කියනවා මෙහෙම, ” ගෙදර සිල් ගන්න හිත හිටියට ඕක හිතේ හැටියට කර ගන්න බැරි වේවි, මොකද දන්සලේ ලවුඩ්ස්පීකර් සද්දෙට මම හිත එකඟ කර ගන්න බැරි නිසා”. ඕක ‘සිල් ගන්නවද මුනුබුරාගේ මුණ දකිනවද’ කියන කාරණා දෙක තරාදියට දාල කිරල මැනලා ගත්තු තීරණයක් බව නොතේරෙන්නේ අපේ පුංචි සෙනුජට විතරක් වෙන්න ඇති. ඒ තමයි අම්ම.

Advertisements

One Comment Add yours

  1. Lahiru says:

    අයියේ…. ඔයාට ඔයාගෙ අම්ම බලන්න ඕනම වෙලාවක යන්න පුළුවන්…. ඔයා ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි…. අයියේ… මම රට ඉදල ලංකාවට යද්දි අපේ පවුලෙ කවුරුවත් නෑ ලංකාවෙ….. එයාපෝට් එකෙන් එලියට එනකොට මම හැමදාම වටපිට බලන්නෙ අපේ පවුලෙ කවුද ඉන්නෙ මාව එක්කගෙන ගෙදර යන්න කියල… එත් කවුරුවත් නෑ……

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s