උපන්දින සාදය

මේ තාම ගෙවෙන්නෙ පොසොන් සතිය. ඒ උනාට මේ කතාව වෙසක් ගැන. මේ පාර වෙසක් පෝය වැටුනේ 21, 22 දවස් දෙකට. එයින් 22 විශේෂයි. අපේ සෙනුජ පුතා ඉපදුනේ මැයි 22, හරියටම 2014. ගියපාර නම් කේක් කපල පොඩි පාටියක් තිබුණ. ඒ පුතාගේ පළවෙනි උපන්දිනය නිසා. හැබැයි අපි ඒ දවස්වලම කතා උනේ ඒක පළමු සහ එකම උපන් දින සාදය කරන්න. මැයි මාසේ මුල, අපි මොකද කරන්නේ කියල කතා කරන වෙලාවකදී උපන් දිනේට පොඩි දානයක් දෙමු කියල මුලින්ම අදහස දැම්මේ අපේ අම්ම. ඒක ගිහි දානයක් වුනානම් හොඳයි කියල එවෙලේ කවුද කිව්වහම එහෙනම් ළමා නිවාසෙකට දෙමු කියල අපි හැමෝම එකච්චන්දෙන් එකඟ වුනා.

ගාල්ලේ දන්ගෙදර ළමා නිවසේ තෝරාගෙන දින වෙන්කරගැනීමේ ඉඳල සියලු සම්බන්ධීකරණ වැඩ අම්මයි තාත්තයි භාර ගත්තේ අපි එන්නේ සති අන්තේ නිසා. 21 වෙනිදට, උවනිට නයිට් එකක් වැටිලා තිබුණු නිසා 22 දවල් දානයක් ලෑස්ති කරගන්න අමාරු වෙන බවකල් තියාම අපි හිතල තිබ්බෙ. හිතුවා වගේම 22 වෙනිදා හවස තේ වේලක් අපිට ගන්න අමාරු වුනේ නෑ. හැමදාම කන්න ලැබෙන කේක් සහ බිස්කට් ඒ ළමයින්ට එපා කියලා කල් ඇතුවම දන්වල තිබුනා. කේක් බිස්කට් කාල කාලා ඇති වෙලා කිව්වහම දාන පිරිලා ඉතිරිලා ඇති කියල අපි හිතන් ගියාට එදා දවසටම දාන මුකුත් තිබ්බේ නෑ. අනෙක් දවස් වලට කොහොමද කියල මං ඇහැව්වේ නිකමට වගේ. එවායිත් ආයේ වෙනසක් නෑ කියද්දී මගේ පපුව පිච්චිලා ගියා. අපේ ගෙවල කොච්චරනම් කෑම බීම දවසකට විසික් කරනවද?

දානෙ ගෙනියන්න පැය කිහිපයකට කලින් අපේ ගෙදරට කෝල් එකක් ආව. ළමයි හවසට වෙසක් බලන්න යන්න හිතන් ඉන්න නිසා කියපු වෙලාවට පැයක් හමාරක්වත් කලින් එන්න පුලුවන්ද කියල පුංචි ඉල්ලීමක් කරන්නයි මෙට්‍රන් කෝල් එක දීල තිබ්බේ. කොහොමත් සුදානම් වෙලා හිටපු අපි ඉක්මනින්ම ගියා. අපි යනකොට පුංචි නිල පාට ඩෙනිම්, සුදු පාට බ්ලවුස්/ටී ෂර්ට් ඇඳගත්තු කෙළි පොඩිත්තෝ රෑනක් කර උස්ස උස්සා පෙර මග බලන්නේ අපි තව පරක්කුවෙයිද කියල වෙන්නෝන. අහිංසක බලාපොරොත්තු ගොඩකින් පුංචි හිත් පිරිලා බව ඒ කතාකරන ඇස් වලින් අපි ඈත තියාම දැක ගත්ත. ඒ වෙනකොට වෙසක් බලන්න එක්කගෙන යන්න බස් එකකුත් ඇවිත් තිබුන.

අපි ගෙනාපු කළමනා ටිකත් අරගෙන කෙලින්ම දාන සාලාවට ගියා. ඒ ගිහින් එහෙ මෙහෙ බලන සුනන්ගුවට පුංචි අක්කියෙක් සේනුජව අරගෙන අනික් ළමයින්ට පෙන්න පෙන්න හුරතල් කරනවා මං ඇස් අගින් වගේ යන්තමට දැකල උවනිටත් පෙන්නුවා. ලේසියෙන් කාගේවත් අතට නොයන අපේ සෙනුජ එක අක්කෙක්ගේ අත් දෙකට හිරවෙලා සතුටින් හිනැහෙනවා, පුංචි උන්ගේ ලෝකේ…

දානෙට වස්තු විෂය වුනු නිමිත්ත කියලා අපි ලැහැස්ති උනේ මෙසේ වටේට ඉඳගත්ත පුංචි එවුන්ට කෑම ටික ඉක්මනින් බෙදල දෙන්න. ඒත් ඊට කලින් ඒ අය මේසෙට පිටි පස්සෙන් හිටහෙන බිත්තියට හේත්තු වෙලා යම් විධානයක් එනකම් වගේ බලන් හිටිය. කුහුලින් මැඩිච්ච අපේ හිත කියෙව්වා වගේ එක සැරේම මෙට්‍රන් මගේ කනට කරලා මෙහෙම කිව්වා. “මේ අක්කල ලෑස්තියි සෙනුජ මල්ලිට wish කරන්න”. ඒ එක්කම ගිර පැටවූ ටිකක් වගේ ළමය ටික කට ඇරියා “Happy Birthday to You
Happy Birthday to You
Happy Birthday Dear SENUJA
Happy Birthday to You.. ”

තැනක් යූ කියන්න බැරි සෙනුජ කට ඇරන් බලන් හිටියේ සතුටින්.

ප: ස: උපන් දිනේ දවසේ තමන්ට දානයක් දීල යන මල්ලියෙක්ට නංගියෙක්ට නිකන් යන්න නොදී පෙරලා සුබ පතන්න පුරුදු කිරීම නම් මේ වැඩේ අරමුණ එකේ වරදකුත් නෑ. එහෙම කරන්න කියල දෙන එක තමන්ගේ යුතුකම වගකීම කියල පාලිකාවෝ හිතනවත් ඇති. ඒත්.. තමන්ගේ උපන් දිනේ දවසේ, අලුත් ඇඳුමක් සෙල්ලන් බඩුවක් තියා Happy birthday මගේ පැටියෝ කියල උණුහුම් හාද්දක්වත් කවදාවත් නොලබන මේ පුංචි පැටවූ මේ සින්දුව කියන හැම මොහොතකම කොතරම් නම් හදවතින් හඬා වැටෙනවා ඇද්ද? ඒ බර දරා ගන්න මේ පුංචි හදවත් වලට හැකිවේද?

“සමහරු birthday cake එකත් මෙහෙටම ගෙනල්ල කපලයි යන්නේ” ආපහු එන්න හදනකොට මෙට්‍රන් කිව්වා. අසරණ ළමයෙක්ට කන්න ටිකක් දෙන්න හිතෙන තරම් සංවේදී හිතකට එතරම් කෘර වියහැකිද? අම්ම තාත්ත නැති පුංචි එකෙක්ගේ හිත විදුරුවක් මත තබා කේක් එකක් සේ කෑලි කැපිය හැකිද?

ඔබේ පාර්ටි ඔබ දමන්න. ඔබේ ගෙදර කේක් කපා සවුදිය පුරන්න.
අසරණ පොඩි උන්ට කන්න කෑම ටිකකුත් ආදරයත් ළෙන්ගතු කමත් විතරක් එහි ගෙනයන්න !

Advertisements

4 Comments Add yours

  1. Dr. lakmali says:

    Great writing… very palatable to read

    Liked by 1 person

  2. Gayan Dulshan Weerasinghe says:

    Good Job machan and also good message.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s