පැණි කොමඩු

පහුගිය කාලේ පුරා විවිධ හේතු නිසා, නොයෙක් පුද්ගලයන් අරභයා තියපු සටහන් කියවපු, දැකපු අය ඒවාට නානාප්‍රකාර ප්‍රතිචාර දක්වලා තිබුනා. “like” එකකින් දිරිමත් කිරීමේ සිට ටෙලිෆෝන් call එකක් දීම දක්වා පරාසයක ඒ ප්‍රතිචාර විහිදිලා තිබුණා. ඒ එක්කම ඒ අතරින් බහුතරයකට මේ ලිවීම තවත් සංවිධානාත්මකව වඩා දුරකට ගෙනයන්න ඕන වෙලා තිබුනා. කොහොම උනත් අන්තිමේදී තියෙන ඉඩකඩත් අරගෙන අද පටන් තීරු ලිපියක් ලියන්න අදහස් කළා.

මුලින්ම මේකට දාන්න හොඳ නමක් හිත හිත ඉන්නකොට මතක් උනේ මහැදුරු දම්මික ගංගානාත් දිසානායක මහත්තයාගේ “පැණි වළලු”. හැබැයි ඔහුට එනම දාන්න පසුබිම් වෙච්ච හේතු දෙකක් තිබුන කියල පෙරවදනේ සටහන් වෙලා තිබුනත් මට ඔය හේතු දෙකම අදාළ නෑ. එකක් ඔහු ආසම රස කැවිල්ල වීම, අනෙක හෙමින් කන තරමට එකේ රස දැනීම. මම ආසම පලතුර අන්නාසි. හැබැයි ඒක වැඩිපුර නිතර නිතර කන්න තරම් මම පින් කරලා නෑ. අපේ අම්මට වගේම උවනිටත් අන්නාසි අසාත්මිකයිලු.

පැණි වළලු නොකාපු, නොදැකපු අය ඕනතරම් ඉන්න පුළුවන් උනාට පැණි කොමඩු එහෙම නෑ මං හිතන්නේ. එක වියලි කලාපේ හැදුනට කොමඩු විකිනෙන්න ගියාම ඔය කලාපීය සීමා මායිම් කොහෙත්ම නෑ. පැණි කොමඩු වලට මගෙනම් විශේෂ කැමැත්තක් නෑ. හැබැයි අකැමැත්තකුත් නෑ. එහෙම බැලුවහම කොමඩු වලට ඇති ඇල්මත් හරියට පතෝල වගේ.

ඉංගිරිසියෙන් “water melon” සිංහලේට එද්දී “දිය කොමඩු”නොවී “පැණි කොමඩු” වුනේ කොහොමද කියල මට කාලයක් තිස්සේ ගැටළුවක් තිබුන. තාමත් තියෙනවා. එක්කෝ සුද්දා හරි ඇති, නැත්නම් අපි හරි ඇති.

ලංකාවේ පාරවල් අයිනේ කඳු ගහල ගොඩ ගහලා විකිනුවට මන් හිතන්නේ කොමඩු වතු අපි බොහෝ දෙනෙක් දැකලා නෑ. ඒවා දකින්න චීනේ බීජිං නුවරටම යන්න ඕන කියල මට හිතෙන්නේ මන් ගිහින් තියෙන්නේ එහෙට විතරක් නිසාද දන්නේ නෑ. ලංකාවේ මුළු ජනගහනයට සමාන ප්‍රමාණයක් අපේ වර්ග සැතැපුම් ප්‍රමාණයෙන් හතරෙන් එකකට සමාන ඉඩක හිරවෙලා ඉන්න බීජිං නුවර ඒසා විසාල කොමඩු වතු ඇතැයි විචිකිච්චා ඇති කර නොගන්න. ඔබම දිනක එහි ගිහින් දෑසින්ම දකින්න.

දැන් කෙලින්ම මාතෘකාවට ආවොත් පැණි කොමඩු කියලා නම දාන්න හේතු වුන කතාව මේකයි. කොටින්ම මේ තීරු ලිපි එකතුව, ලිපි පැණිවළලු තරම් රහ වෙතැයි මට කොහෙත්ම හිතෙන්නේ නෑ. ඒ වගේම ටිකෙන් ටික කෑවයි කියල දැනෙන විශේෂ රහකුත් නෑ. ඉතින් ඇල් වතුර වගේ තේරුමක් ගන්න කොමඩු තරම් වෙන ජාතියක් තව කොයින්ද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s