කෝටි 117කට වඩා කෝටි 20ක් බරින් වැඩි පෙන්නූ පෙට් ස්කෑනරයේ අතුරු කතා

සතෙන් සතේ එකතුකොට කෝටි 117කට වඩා කෝටි 20ක් බරින් වැඩි බව අපේ මිනිස්සු පෙන්නා දින කිහිපයක් ගෙවී හමාරය. ඒ අල්ල පනල්ලේ පීත්ත පටිය කපා එය විවෘත කරන්නට බෙල්ලේ ඇට ගෙවුනුවෝද, පැරලයිස් වූවෝද, කඳු හෙල් ගිරි දුර්ග තරණය කොට 4 වීල් මතු නොව ෆුල් ඩම් එකද දමා ඉදිරිපත්ව සිටින්නෝය. ඒඅතර තවත් සමහරක් මෙකී සත්කාර්යයේ නිර්මාතෘවෝ සොයන්නට වලි කති. මුලින්ම ඊට අඩිතාලම කවුරුන් දැම්මද මාද්‍ය ආවරණය ලබාදී උණුවෙන හදවත් පෙළගැස්සීමේ පළමු ගෞරවය දෙරනටද එහි නියමු දිලිත් ජයවීරටද හිමිවියයුතුමය. ඇත්තෙන්ම මේ කෘතවේදී සටහන ලිවිය යුතුව තිබ්බේ මෙයට මදක්හෝ පෙරාතුවය. නමුත් මා කැමති දෙයක් ලියන්නට ඇති අයිතිය පරයා ළබැඳීයාවේ පිළිගැටුම (conflict of interest) ඉදිරියට පැන්නීය. ඒ කුමක් නිසාදැයි සෙවීමට තව දුරටත් ඔබව නොවෙහෙසවා මෙසේ කියන්නම්.

ඔහු මට ඥාති සොහොයුරෙකි. කොටින්ම කියනවානම් මවගේ වැඩිමහල් සොහොයුරියගේ දෙවන පුත්‍රයාය. ආමන්ත්‍රණයෙන් අපේ “පුංචි අයියාය”(https://www.facebook.com/dilith.jayaweera). එහෙත් ඔහු හා කෙළිදෙලෙන් ගෙවුණු කුඩා කාලයක් මාහට නැත. ඔහු වයසින් අවුරුදු පහළොවකට නොඅඩු ගණනකින් මට දුරස්ය. එහෙත් ඔහු හා බැඳුන මතකයන් බොහෝ ගණනක් පවතී. පාසල් ගුරුවරියක් වූ ඔහුගේ මව නොහොත් අපේ ලොකු අම්මා නොමැතිවූ දිවා කාලයේ ඔහු බලා කියා ගත්තී අපේ හිච්චි අම්මාය. ඈ නිතර දෙවේලෙ කියූ අයුරින් ඔහු කුඩා කල වයසට තරම් නොවූ ඇට්ටරයෙකි. “ඇට්ටර බාස්” කියමින් ඔහු සුරතලා කල අතීතය අදද අප සියල්ලන් හමුවන බොහෝ සතුටු සාමීචිවල අලගුපත්ද තබමින් ඈ අතින් කියවෙන්නීය. දෙවන මතකය ඔහු අපේ උළුවිටිකේ ගෙදරට අඟුළුගහ සිට ආව ගිය කාලයයි. අපේ තාත්තාද කුඩා කල ඔහුගේ වීර ලයිස්තුවේ සිටියෙකි මට හැඟුණ වාර බොහෝය. පොඩි අම්මා නමින් අපේ අම්මව ඇමතු ඔහු ඊට නොදෙවෙනි කට පුරා කියවුණු ආදරනීයත්වයකින් “ඉස්කෝලෙ බාප්පා” නමින් අමතමින් අපේ තාත්තාගෙන් යම් යම්දේ ස්වකීය ජීවිතයට එකතු කරගත් බව නිසැකය.
ඊළඟ මතකය තවත් රසවත්ය. සිංහල අවුරුදු කාලයට අපි ලොකු අම්මලාගේ ගෙදර ගිය දින හා බැඳුනකි. සොහොයුරන්ම 4 දෙනෙක් සිටියත් ලොකු අම්මා බයිට් කිරීමට හැමදා පෙරමුණ ගත්තේ පුංචි අයියාය. එක් දිනක් එහි යන විට කුස්සියේ ලොකු ස්පීකරයක් සවි කොට තිබු අතර ඒ ගැන විමසද්දී ඔහු සිනහ වෙමින් කීවේ මේ Mrs. Bonchoගේ (අපේ ලොකු අම්මගේ) කරච්චලය වැඩි බවත් එය පාලනයට ඊට වැඩි සද්දයක් තමන් යොදවා ඇති බවත්ය.

ඊළඟ අවදියේදී ඔහු හා ඔහුගේ පවුලම මගෙත් අප වැනි බාල සහෝදරයන් සියල්ලගේමත් වීරයන්ව සිටියහ. ඒ වනවිට ලොකු අයියා කරාපිටිය වයිද්‍ය පීටයේද පුංචි අයිය කොළොඹ නීති පීටයේද බේබි අයියා මොරටුව ඉංජිනේරු පීටයේද චුටි අයිය පේරාදෙණිය කෘෂි පීටයේද සිටි අතර ඔවුන් මෙන් ඉගෙන ලොකු තැනකට නොගියොත් අප කොන්විය හැකි බවද අපේ අම්ම මන්තරයක් ලෙස උදේ හව කියමින් අප උනන්දු කල බව හා එයින් අප නිසැක උත්තේජනයක් ලැබූ බව ඔවුන් සියලු දෙනාට ගෞරව පිනිස ඉලා ලිවිය යුතුවම ඇත.

ඊළඟ මතකය බෙහෙවින්ම දුක්බර එකකි. ඒ නීති පීටයේ නිලවරණ කටයුත්තක යෙදී සිටිද්දී ඔහු ප්‍රතිවිරුද්ධ පිල වෙතින් අතුරුදහන් වීමකට ලක්ව ඇති බවට ලැබුණු ආරංචියයි. අපේ කිසිම ගෙදරක හරි හමන් බතක් ඉදුනේ නැතිව ඔහු සොයා පොලිසි උසාවි මතු නොව පන්සල් කෝවිල් ගානේ දිව ගිය දින කිහිපයක් ගතවුණු බව අදද සිහි කල හැක.

ඉන් ජීවග්‍රහයෙන් ගැලව ගත් හෙතෙම ඉන් පසු ජීවිතයේ බොහෝ දුරක් අප පසු කොට ගියේය. ව්‍යාපාර ලෝකයේ සාමාන්‍ය පවුලක කෙනෙක්ට යානොහැකි දුරක් ඉගිල ගියේය. එසේ පියබා යද්දී ඇතැම් දේ ගිලිහෙන්නට ඇත. අපටද දැන් ඔහු හමුවන්නේ කලාතුරකින්ය. ඉඳහිට හමු වුනද පුරුදු කට ඇරුණු සිනාවෙන් පිටට තට්ටුවක් දමා “කොහොමද මල්ලී” යයි අසන ස්වරය තාමත් එදා මෙන්ම ලෙන්ගතුය. කෝටි ගානකට මිල කල නොහැකි වටිනා දායාදයකි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s