වැලි කතරේ (නිහාල්)සිංහයා !

බක් මහ යනු භාග්‍යවතුන්ගේ මාසයයි. එහි ඉපදෙන්නෝ මතු නොව මියදෙන්නෝද සැබෑ භාග්‍යවන්තයෝය. මෙකී නාමාවලියට අලුතෙන්ම පැමිණියෝ නිහාල්සින්හයෝය. හරියටම නමින් දියෝන්ගු බඩතුරුගේ නිහාල්සිංහය.

cinematographer යන්න සිංහලයට අර්ථ නගන්නේ සිනමා යාන්ත්රිකයා යනුවෙනි. හේ සැබවින්ම සිනමා යාන්ත්රිකයෙකි. සංස්කරණය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහි කෙල පැමිණියෙකි. එකී විෂයන්හි ප්‍රාමාණික විද්වතෙක්ද ගුරුවරයෙක්ද වුවේය. ඒ මතු නොව සිංහල සිනමාවේ කාලත්රයම යාත්‍රා කළ අපුර්ව යාත්රිකයෙක්ද වෙත්.

අසුවේ මුල උපන් අප ඔහු දුටුවේ දිමුතු මුතු හැදු රුපවාහිනියේ පළමුවැනියා ලෙසිණ. එහෙත් සිනමා ගමනෙහි හේ ගිය දුර පිහිටවූ මයිල කණු ගණනටත් එහා
විහිදෙන්නෙකි. දකුණු ආසියාවේම දෙවන සිනේමාස්කෝප් චිත්‍රපටය වූ “වැලිකතර” එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ හොඳම 10න් එකක් වීමම ඔහුහේ සිනමා ගමන් මගෙහි ගැඹුර කියාපාන්නකි. නව දිල්හි අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් අනෝජා සම්මාන ලබන්නීද නිහාල්සිංහයන්ගේ “මල්දෙනියේ සිමියොන්” හි ඈ ප්‍රකට කළාවූ සිනමා රංගරූපි කුසළතාව උදෙසාය.

වෙසක් මසක උපන් ඔහු උපන් දිනයට මසකට නොඅඩු කාලයක් තබා බක් මහේම දිවි මගින් බැස ගියේ, හේ ගැන ලියවෙන මෙවන් කුඩා තීරු ලිපියකද පත්තර ලියන කියවන කාටත් හුරු D.B. දනපාල යනු නිහාල්සිංහගේ පියායයි කට පුරා හඳුන්වා දියහැකි තැනක නිහාල්සිංහ නාමය ලියාතබා බව ගව්රවයෙන් සටහන් කරමි. ඔබට නිවන් සුව!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s