හෙට දින නුඹත් අවසන් ගමන් ගියපසු ආයේ මාසේ පෝයදා වාගෙයි හෙළ ගී අඹරම සබඳේ !

රෑ පැල් බිඳින කුරහන් හැලෙනා හේනේ
අපේ තනි නොතනියට නුඹවත් අද නැතුවානේ
හෙට දින නුඹත් අවසන් ගමන් ගියපසු ආයේ
මාසේ පෝයදා වාගෙයි හෙළ ගී අඹරම සබඳේ !

අජන්තා රණසිංහ ගැන මගේ මුල්ම මතකය ඔහුගේ ගේය පද රචනා හා කිසි ලෙසකින්වත් බඳුනක් නොවේ. ඒ ඔහු අජන්ත නොවී අජන්තා වීම නිසාමය. එසේ නම දීර්ගාකාරයකින් මගේ මතකයට බැඳුන තවත් එක පුද්ගලයෙක් කලා ලෝකයේ සිටී. ඔහු දයා හේමන්තා අබේසේකරය.

කුඩා කාලයේ ගුවන්විදුලියෙන් ඇසුණු, අද මෙන් බලෙන් සල්ලි දී නොඇස්සවූ රසබර ගී ගොන්නකින් කිහිපයකම හිමිකාරත්වය අජන්තා රණසිංහට හිමිව තිබුණේය. නින්ද නේන රාත්‍රිය, රෑ පැල් රකින..ආදී වූ එකී ගීතාවලියේ ඔහුට හසු නොවුණු නෙත නොගැටුණු සියුම් තැනක් වීනම් ඒ කොතැන දැයි නොසෙව්ව මනාය. ප්‍රෙමය, ආදරය විෂයෙහි ඔහු එතරම්ම දුරක් ස්පර්ශ කොට තිබු බැවිනි.

සොඳුරු ගේ පද රචකයණෙනි ඔබට නිවන් සුව!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s