අපේ ගැට්ට

මීට හරියටම අවුරුදු දොළහකට කලින් 2004 අවුරුද්දේ මේ වගෙම හීතල දුරුත්තක තමයි අපි මුලින්ම කැම්පස් එකට ගියේ. දිනය ටක්කෙටම දැන් මතක නෑ. ඊට කලින් අහවල් කාලේ කැම්පස් පටන් ගන්නවා කියලා ගෙදරට ලියුමක් ආවයින් පස්සේ, අපි බෝඩිමක් බලන්න ඔය පැත්තේ කරක් ගැහුවා තාම අද වගේ මතකයි. අපේ සෙට් එකේ එරංග ඇරෙන්න එනික් සේරම උන් රිච්මන්ඩ්. එත් එකම අවුරුද්දේ නෙමෙයි. ඉසුරුයි සහනුයි දීපාල් දත් දොස්තර මහත්තයලයි දිහාවේදී ක්‍රිකට් ගහන්න ගිහින් සෙට් වෙලා තිබ්බ. අනික ඉසුරු අපේ ගමෙමයි. නුවනුත් අඟුළුගහ නිසා අපේ ලොකු අම්මල නිසා දැනන් උන්න. නෙරංජන් තමයි අලුතින් අඳුන ගත්තේ. ඉතින් ඔය බෝඩින් බලන්න ගිය ගමන තමයි අවුරුදු දොළහකට පස්සෙත් අද මෙහෙම සෙට් වෙන්න තරම් අපිව දුර අරන් ගියේ. මොල්පේ හන්දිය, අනන්දාරාම පන්සල, 1st lane, 2nd lane ඔය හැම පැත්තේම කරක් ගහල අන්තිමට 1st lane එක කෙළවරෙ වඩු මහත්තයෙක්ගේ anex එකක උඩ තට්ටුවක් තමා අපේ මුල්ම බෝඩිම උනේ. අපි 6 දෙනාට අමතරව NDT සෙට් එකක් මැද කාමරේට ආව. දසුන් අපිට සෙට් උනේ ඔය අල්ලපනල්ලේ. ගාල්ලේ කෑල්ලකට බහින්න නම් ගාල්ලේ කොල්ලෝ ටික සෙට් කරගන්න ඕන කියල උගේ ටිකිරි මොලෙන් හිතල හිතලා ඌ බලෙන්ම අපේ බෝඩිමට ආපු හැටි, හිරුක්ෂි ගැන කෙල පොදක් නොහෙළා අපි කියන සේරම උගුඩුවෙක් වගේ හූ හා කිය කියා අහගෙන හිටපු හැටි ඔය වගේ වැඩකට බහින කොල්ලෙකුට පරමාදර්ශයක් බව ඌට ගෞරව පිණිස මෙහිලා ලිවිය යුතුවම ඇත. අවුරුද්දක්ම එකට දුක සැප බෙදාගෙන එක බෝඩිමේ එකට හිටිය, එක කෝච්චියේ එකට ආව ගිය අපි 1st year exam එකෙන් පස්සේ විවිද fields වලට කැඩිලා වෙන වෙන බෝඩින් වලට, හොස්ටල් වලට වෙන් වෙලා ගියා. මේ ඒ අවුරුදු එකොළහ ගැන ලිවීමට කාලය නොවේ……

පසු සටහන:
අවුරුදු තුනකට පස්සේ පහු ගිය ජනවාරි 2දා හැන්දෑවේ අපි අපහු දසුන්ලගේ ගෙදරදී සෙට් උනා. නිමිත්ත ඉසුරුගේ ලංකාගමනය. දසුන්ගේ ආරාධානයෙන් කොච්චර කරදර මැද්දේ උනත් ලංකාවේ ඉන්න අපි ඔක්කොමලා එදා ආව. මම මාතර ඉඳන් ගියේ. සහන අකුරැස්සේ ඉඳන් ආව. ඊට අමතරව දිසාත් එකතු උනා. විහිලු තහළුවෙන්, පිය සමාගමෙන්, දසුන්ගේ අතින්ම හැදුනු රස මසවුලෙන් පිරුනු එදා රෑ පෑ කීපයක් ගෙවෙනවා දැනුනෙත් නෑ. නුවනුත් එරන්ගත් හිටියානම් ඒ රාත්‍රිය තවත් අපූරු වෙන්න තිබ්බ. ඒත් මක් කරන්නද? ඉසුරු ආපු එකත් අල්ලලා මෙහෙම සාදයක් ඕගනයිස් කරපු දසුන්ටත් හිරුටත් බොහොම ස්තුතියි. බොහොම පිං !! ඒවගේම ඊට නොමසුරු සහයෝගය දක්වපු හිරුලගේ අම්මා තාත්ත දෙන්න මතක් කරන්නත් මේ අවස්තාව කර ගනිමි.

පසු සටහනේ බල කිරීම:
මේ අනිත් ගොබිලෝ දෙන්නට කියන්නේ. තොපි ලංකාවට ඇවිත් හොරෙන් යනවා එහෙම නෙවෙයි ආයෙත්. අඩු ගානේ ආපු බව කියපන්. ඉතුරු හරිය අපි බලා ගන්නං! හමුවෙමු අපි ආයෙත් මිතුරනි !!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s