එක්තරා ගමක ලොකු ගෙමිදුලක් සහිත ගෙයක් තිබ්බ. ඔය ගෙමිදුලේ තිබුණු හුබහක තරුණ වයසේ නාගයෙක් විසුවා. හැබැයි ඌ උප්පත්තියෙන්ම අන්ධයි. මේ නාගයාගේ හොඳම මිතුරා උනේ අල්ලපු වත්තේ හිටපු ඉබ්බෙක්. මුන් දෙන්න හැමදාම උදේට වැට අයිනට ඇවිත් කතාබස් කරනවා. හැම දෙයක්ම බෙදා හදා ගන්නවා. ඔහොම හමුවෙන අතරේ දවසක් නයා ඇවිත් ඉබ්බාට හරිම සතුටින් කිව්වා, මචන් මට අද පෙම්වතියක් මුණ ගැහුණා කියල. ඉබ්බා ඉතින් හැම යාලුවෙක්ම මුලින්ම අහන ප්‍රස්නේ ඉබ්බාගෙන් ඇහුව. “කෙල්ල ලස්සනද” බන් කියල. එත් අසරණ නයාට දෙන්න උත්තර නෑ. ඌ අන්ධයිනේ. ඌ කිව්වා මම මචන් හොඳට අතගාලනම් බැලුව. ඒකි ටිකක් කෙට්ටුයි. හැම ගොරෝසුවට දික් අතට දාර දාර තියෙනවා. ඒවගේම හරිම අහිංසකයි. කොටින්ම මන් එනකම් එකම තැනකට වෙලා ඉඳලා මම ආවහම ළඟින් හෙල්ලෙන්නෙවත් නැතුව තුරුල් වෙලාම ඉන්නවා කියල. දැන් ඉතින් ඉබ්බටත් සතුටුයි. තමන්ගේ ප්‍රාණසම යාළුවා ෆුල් හැපි එකේනේ.
ඔහොම කාලයක් යනකොට ඉබ්බා දකිනවා නයා ආපහු ටිකක් දුකින් ඉන්නවා. ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියල. මෙන්න ඌ කියපි මචන් මගෙත් ඇහැ ඩිංගක්වත් පෙනුනනම් කොච්චර හොඳයිද. එහෙමනම් මටත් අර සීදේවි මූණු පොඩ්ඩ දකින්න තිබ්බ. මුණයි ඇඟයි අත ගගා ඉදල මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් තමන්ගේ මිත්‍රයා ගැන ඉබ්බටත් දුකයි. එත් ඉබ්බා මොනවා කරන්නද? ඔය අතරේ දවසක් ඉබ්බා පාරේ ඇවිදින කොට දකිනවා, පිට ගමකින් ඇවිත් කට්ටියක් ගමේ ප්‍රජා ශාලාවේ පවත්තන්න යන නොමිලේ ඇස් පරීක්ෂා කොට කණ්නාඩි ලබාදෙන සායනයක් ගැන පෝස්ටරයක්. ඉබ්බා ටක් ගාල උගේ ස්මාර්ට් ෆෝන් එකෙන් පින්තුරයක් ගහල දුවගෙන දුවගෙන ඇවිත් ආරංචිය දුකින් ඉන්න නයාට කිව්වා. මුලින් ටිකක් අදි මදි කරලා පස්සේ නයා සායනයට යන්න තීරණය කළා. දැන් ඉබ්බටත් සතුටුයි.
ඔන්න නයා සායනයට යන දවසේ ඉබ්බා මුණ ගැහෙන්න ආවෙත් නෑ, කෙලින්ම ගියා ක්ලිනික් එකට. ඉබ්බා හිතුවා අද ඉබ්බාට එන්න වෙලාව මදි වෙන්නැති කියල. හෙට සතුටින් ජෝඩුවම ෆුල් හැපි එකේ තමන්ව බලන්න එයි කියල හිතුව. ඒත් දෙවෙනි දවසෙත් ආවේ නෑ. ඊළඟ දවසෙත් නෑ. පස්සේ ඉබ්බා හිතුව නයා එදා කෙලින්ම තියටර් දාල සර්ජරිය කරන්න ඇති. ඒකයි එන්න බැරි වෙන්නැත්තේ. සනීප වෙලාම තමන්ව බලන්න එයි කියල. දින සති ගෙවුනත් නයා ආවේ නෑ. ඔහොම ඉඳල ඉඳලා දවසක් නයා මුණත් එල්ලගෙන, කණ්ණාඩි දෙකකුත් දාල හැබැයි තනියෙන් ඉබ්බා ලඟට ආව. ඉබ්බා ඇහුව කෝ බන් වයිපරේ කියල. නයා තමන්ගේ සාක්කුවට අත දාල වෙට් ටිෂූ එකක් අරන් කඳුළු පිහිදාන ගමන් කියනවා මන් එදා නොයන්නැයි තිබ්බේ කියල. ඉබ්බා කලබල වෙලා අහනවා ඇයි ඇස් දෙක හරි ගියේ නැද්ද කියල. නයා කියනවා මට දැන් මුළු ලෝකෙම පේනවා. මම දැන් නිදහස්. ඒ උනාට මම මෙච්චර කල් මං පෙම් කළේ රබර් හෝස් එකකට කියල නොදැක්ක නම් මම තාම සතුටින් කියල.