දෙසැම්බරය කවදත් සීතය. නත්තල ගෙවෙමින් ගතවන අවසන් සතිය තවත් කුසීතය. අවුරුද්දක වැඩ බරින් මිරිකුණු හිත් විඩාව සංසිදනු, විවේක සොයා ඈත පියබන විරාමයකි. එළැබෙන වසරෙහිම නව සිහින දකින්නට කල්මරන සංක්‍රාන්තියකි. සුබ නිමිති, පල නැති මුස්පේන්තුවකි. බොහෝ දෙනෙකුසේම මාද එලෙස සිතීමි.

අදින් තුන් වසරකට පෙරාතුව එළඹුණු දෙසැම්බර් 28දා අපි විවාහ දිවියට එළබියෙමු. වසර තිහකට ආසන්න කාලයක් දිස්ත්‍රික්ක දෙකක, පාසල් දෙකක, වී.වී. දෙකක, පරිසර දෙකක කොටින්ම ගෙවල් දෙකක ජීවත්වූ අපි එකවහලකට වීමු. එක පිගානෙහි කෝප්පෙහි රස බලන්නට පුරුදුවීමූ. එක ටෙලිවිෂනයෙහි රුප දකින්නට හුරුවීමු.(ක්‍රිකට් මැච් දාට අමාරුම එකද වූවේ ඕකය)

අපි බොහෝදේ කතා කළෙමු. විටෙක සාකච්චා කළෙමු. වරෙක වාද කළෙමු. තර්ක කළෙමු. අනිත් හැමෝම සේ තමන් පමණක් හරියයි එකම මතයකම එල්බගෙනද සිටියෙමු. දෙසැම්බරය සේම අප කරාද සීතල පැමිණියේය. සීත සුලං රැලි හමාවිත් ඇඟ හීගඩු පිපුනේය. වැහිකෝඩ පාත්වී විදුලි කෙටුවේය. ඒ නත්තලද හැමදාම තිබුනේ නැත. ගිම්හානයද එළබුනේය. උණුසුමද රජ කළේය. කවුළු පිය හැර තිබුහෙයින් පැමිණි සියල්ලෝම නැවත පිටව ගියෝය.
කවුරු පැමිණියද කවුරු පිටව ගියද එකම එක දෙයක් තවම මා ළඟය. අද ඊයේ මෙන් නැවුම්ය. සීතල නත්තලේ මා ලද උණුසුම්ම තිළිණය ඈය. ඇගේ ආදරයය.!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s