අය වැය ගැන අතුරු කතාවක්

පසුගියදා මුදල් ඇමතිතුමා පැය හතර පහකට නොඅඩු කාලයක් ලබන වසරට යෝජනා ගෙනාවේය. වරෙක සිංහලෙන්ද තවත් වරෙක මොකද්දෝ නොදන්නා බසකින්ද එතුමා ස්වෙකීය කතාව කරගෙන ගිය අතර, වෙනදා දකින කෑකෝගැසීම් වෙනුවට සාපේක්ෂ නිස්චලත්වයක් රජ කළේය. ඒ මන්ත්‍රීවරු හයිබ්‍රිඩ් වූ නිසාද නැතිනම් එතුමාගේ වාග් කෞශල්‍ය නිසාද යන්න ටක්කෙටම කිව්ව නොහැකි අතර නිදි වැදුන කීපදෙනේක්ගේ මුහුණු සොයා අද පත්තර මුල් පිටු සරසා තිබෙනු දිටිමි. අටෝරාසියක් යෝජනා තිබුණු එම කතාවෙන් නහුතෙට ඩිංගක් අඩුවෙන් බුකියට පැමිණ තිබ්බේ යාන වාහන ගැන කතාම වීම අරුමයකි. එකී යෝජනා විමසා බැලීම දැන් තුට්ටුවකට නොවටනා හයිබ්‍රිඩ් වාහන සම්බන්දෙයන් පසු ගිය අයවැය පසුව නම්‍යශීලී වූවාසේ ආපසු හැරෙනු ඇතැයි සද්භාවයෙන් ලියමි. .
“තිබෙන මාර්ග වලට වාහන ප්‍රමාණය ඔරොත්තු නොදෙන නිසා වාහන ආනයනය සිමා කිරීමට පියවර ගන්නවා. “- මේ තියෙන වාහන වලට පවතින මාර්ග ධාරිතාව ප්‍රමාණවත් නැති බව අපිද දකිමු. නමුත් ඒසඳහා සියලු වාහන වලට අනුපාතිකව බදු වැඩි කිරීම කෙතරම් යෝග්‍යද ? වාහන වැඩි වීමට අනුලෝමව නව මාර්ග ඉදිකිරීම, තිබෙන මාර්ග පුළුල් කිරීම එක විකල්පයකි. නමුත් ඒ සඳහාද යම් සීමාවක් තිබේ. එම සීමාවටද තවමත් ලංවී ඇත්තේ කොළඹ හා තවත් ප්‍රධාන නගර කිහිපයක් උච්ච කාලයේදී (peak hours) පමණි. සීමාව පැන්නූ පසු කුමක් කලයුතුද?
1. නගරයට ඇතුළු වන ආසන ධාරිතාව අඩු වාහන අඩු කිරීම (මෝටර් රථ වැනි)
2. නගරයට ඇතුළු වන ආසන ධාරිතාව වැඩි වාහන වැඩි කිරීම (බස් රථ, දුම්රිය වැනි)
3. වෙනස් වේලාවන්හිදී විවිධ ආයතනවල වැඩ ආරම්බ කිරීම /අවසන් කිරීම (පාසල්, ඇතැම් කාර්යාල)
මේ ආදී විවිධ ක්‍රියාමාර්ග ගත හැක. අවාසනාවට කළ අයවැය යෝජනාවෙන් මේ කිසිවක් දිරිගැන් නොවේ.
1. දුම් පරීක්ෂණ ගාස්තුව 1100 සිට 5000 කළද ලක්ෂ විස්සක් තිහක් වැයකොට මිලදී ගත් වාහන කිසිවෙක් නොදුවා ගෙදර තබා නොගනී. ගත්තු මෝඩකමට හෝ ඒවා කෙසේහෝ 5000 ගෙවා ධාවනය කරවති. ආදායම් බලපත්‍රයට ද අදාලවේ.
2. වැඩි ආසන ධාරිතාවක් ඇති බස් රථ වලට හෝ බදු සහනයක් නැති නිසා කුඩා වාහන වෙනුවට විශාල වාහන මිලදී ගෙන එම ප්‍රමාණය වැඩි වීම සිදු නොවේ. වැඩි මිලට ගත් බස් රථ හිමියෝ එකී ගාස්තුද මගී ජනයාටම බර කරනු ඇත.
විවේචනය කරන විට ඊට විසදුම් යෝජනා කිරීමද අගී.
1. පොදු ප්‍රවාහන සේවා දිරි ගැන්වීම ඒවාට මාර්ගෙයේදී ප්‍රමුඛතාව ලබාදීම
2. එසේ පොදු ප්‍රවාහන දියුණු වනවිට අවශ්‍යනම් විවිධ බදු මගින් පුද්ගලික ප්‍රවාහනය අධ්‍යිර්ය කිරීම
පොලෝසි ඇති පොලිසියක් නැති රටේ මේවා සිදුවනු ඇතැයි සිත සිතා ලබන බජට් එක අහන්නට පෙළ ගැහෙමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s