ළමයි

ළමයින්ට දිය යුත්තේ හොඳම දේය. එත් අපේ රටේ වෙන්නේන්ම ඕකේ අනිත් පැත්තය. කාලයක් හොඳම එක කියා එක්තරා “ගොන් කිරක්” පෙව්වෝය. ඒ ගොන් කිර බී හැදී වැඩුනෝ අද නාම්බෝය. උන්ගේ කල් කිරියාවෙන්ම කිරෙහි සුපිරි බව දැක්ක හැක. ඉන් නොනැවතී මාජරින්ද යෝගට්ද නූඩ්ල්ස්ද කියා වෙනසක් නැතිව ළමුන් ඉලක්ක කොට නානාප්‍රකාර විච්චුරණ ගිල්ලවුහ. ඒ ගැන කලාතුරකින් නැගුන වියුක්ත ඌන හඬ නැගීම් කිහිපයක් හැරෙන්න නැගුනු පොදු විරෝධයක් නොවීය. ගුවන් විදුලියෙන් අවමංගල දැන්වීමක් පළකරද්දී මරණ සහතිකේ පිටපතක් ඉල්ලන්නට ප්‍රමිතියක් ඇති රටේ මාධ්‍යයෙන් ඔවැනි කෙප්ප පච දැන්වීම් දාන්නට කිසිදු වාරණයක් තිබුනේ නැත. අදද නැත.

ඊළඟට කරලියට පැමිණි ළමයා “සුජී” ගේය. ඒ අම්මාගේද හොඳම තේරීම උනේ ළමයෙක්ය. රට කහවුණු සොයන්නට වැලි කතරේ ගිය ඈ, දුක් මහන්සියෙන් උපැයූ සොච්චම එව්වේද ඇගේ ළමයාට හොඳම දේ දෙන්නට වියහැක. (දරුවන්ට හොඳම දේ දෙන්නට වැලි කතරේ බැල මෙහෙවර කරන්නට යාම හොඳම තේරීම යයි මින් කියවෙන්නේ නැත) ඈ එවූ පනම් දෙකෙන්ද අඩියක් ගසා, ලැබුණු ඇමතුමටද කට ගොන්නක් බී මන්ඥන් කියවූ විටද ඇගේ තේරීම උනේ ළමයෙක්ය. ඔය ෆෝන් එක ළමයෙක්ට දීහන් යයි ඈ ආවේගෙන් කිව්වද ඇගේ වහර ග්‍රාම්‍ය වූවද ඈට ඕනෑ පණිවුඩය කිවයුතු/කිවහැකි හොඳම කෙනා ලමයායයි හඟීන්නට තරම් ඕ නැණවත් නොවුවාද? එත් අන්තිමේ මේ මගේ අම්මායි ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරමට ඒ ළමයා අසරණ කළ අපේ අය්යලා තත්කාලීන විවිද දේසපාලන සංදර්භයන් ඒ මත ප්‍රක්ෂේපනය කොට රටේ “නම ගිය තනතුරු” ළමයින්ට දීමට යෝජනා ගෙනෙන්නටද වූහ.

මට මේ සියලු කතා සිහිපත් උනේ රගර් ක්‍රීඩකයකු විසින් ඔහු වැළඳ ගන්නට පැමිණි ළමයෙක් රන් පදක්කමකින් පුදනු ලැබ, ඔහුගේ සුන්දර හිත රන් බරුවකින්ම පුරවා ගත් පුවතක් දැකීමෙනි. ඇත්තෙන්ම පදක්කමක් දිනීම අමාරුය. එයද රන් වීම ඊටත් අමාරුය. සිවු අදුරුද්දකින් එළඹෙන ලෝක කුසලාන යක grand final එකක එසේ කිරීම තවත් අමාරුය.නමුත් ඒ සියල්ලටම වඩා අමාරු හදවත් සුවහසක් ඔහු එක රැයින් දිනූ බව, බිල් විලියම්ස් ට කෙරෙන ගෞරවයක් ලෙස තබමින් සටහන නිමවමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s