කොණ්ඩයා

මේක පුදුම ආශිකී ලන්තයකි. මේ තරම් වේගෙන් things happening වෙන සක්වලක්ද නැත. අටුවා ටීකා ටිප්පනි ඕනා නැත. මේ දෙබස කියවන්න. නැවත කියවන්න.
“අයියාට දෙන්න ඕන දඩුවම මොකද්ද? -මරණ දඩුවම දුන්නත් කමක් නෑ ”
“දේශපාලනයට එනවද? – ඔව් හොඳ දේකට ලෑස්ති ”
අය්ය මලෝ ගැන කියවෙන නිසා මේ ඊයේ පෙරේදා තරු වුනු(කෙරුනු) දෙන්නගෙන් බාලයා වියහැකි බවට, ඔබට ඇතැම්විට සිතෙන්නටද ඇත. සිතුණා නම් ඔබ හරිය. එසේනම් ඔබ මේ ආශිකී ලන්තේ නාඩි අහුවෙන බුවෙකි. මේ උත්තර දෙන්නේ කොණ්ඩයාය. ඔහු ගැන නොකිවමනාය. එතරම්ම පොපියුලර්ය. ප්‍රශ්න අසන්නේ දෙතුන් සතියකට පෙරාතුව, සැකකරුවෙක්ව පමණක් සිටි දිනවල ඔහුගේ පපු කැවුත්තම ඉල්ලා ගම දෙවනත් කළ, උසාවි ගෙනයන මග හරස්කොට පන පිටින් ගිනිතියන්නට, ගෝල්ෆේස් පිටියේ හිඳුවා ගල් ගසන්නට පොරකෑ මිනිසුන්ට එසේ කරන්නට mind set කළ මේ රටේ මාද්‍යකි.

කොණ්ඩයාට politic කරන්නට සුදුසුකම් ඕනාවටද වැඩිය. ඔහු well famous ය. අපරාධ නඩුවකට වැරදි කරුවී ඇත. අත්හිටවූ දඬුවම්ද ලබා ඇත. පොලිස් කාරයෙක්ට ගසා සැඟවී සිට, පොලිසියෙන්ම ගෙදරටවිත් අල්ලා ගත්විට එසේ කළබව මූණටම කියා නිදහස්වූ අතීතයක්ද ඇත. ඉදින් තවත් මොනවා
වුවමනාද?

මාද්‍ය ගැන වැඩිය කිවයුතු නැත. කොණ්ඩයාගේ හැන්ඩි close-up එකක්ද සමගින් මේ article එක පල කිරීමෙන්ම ඔවුන්ගේ භාවිතාව පෙන්නුම්කොට ඇත. ආශිකී ලන්තේ බුවාලා ගැන පමණක් ලියමි. ඊළඟ පළාත් පාලනයේදී කොණ්ඩයා ඉහළටම ඔසවා තබන බවට කැට කැඩිය හැක. ඉනුදු නොනැවතී ආගමික කටයුතු හෝ සංස්කෘතිය බාර ඇමති බවටද පත් කරනු ඒකාන්තය. ළමා හා ස්ත්‍රී දුෂකයන් එල්ලා මරණ බවට පොරොන්දු වුවහොත් අගමැතිද කල හැක. (රාජ්ජ මාද්‍ය ආයතනයකට රිංගා ගුටි කා මුත්‍රා ද නා පැමිණි පුද්ගලයකුට ජනමාද්‍ය ඇමතිකම දීම හෝ විනිමය චෝදනාවකට ලක්වුවෙකුට මුදල් ඇමතිකම දීම උදාහරණ ලෙස ගත හැක)

කොණ්ඩයාණෙනි ඔබට චිරන් ජයතු(ක්‍) !

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s