මෙග පොලිසියෙන් බේරී කොළඹ වටේ යන්නට සිංගප්පුරු බසයක්

හැමදාම කතා කරන්නට සිදුවන්නේ subject එකෙන් පිට topic එකක්මය. බුකියේ දවසින් දවස කලඑළි බහින තරු තරගෙට මෙන් ඊට පාර කපමින් මග පෙන්වුහ. ඔය අල්ලපනල්ලේ අපේ කෙනෙක් දෙබරෙට ගලක් ගසා තිබේ. පහුගිය දසක දෙක තුනක සිට එසේ ජාතිකවාදී political ගල්ද විදුලි පුටුවේ හිටි කාලයේ electrical ගල්ද ගසා පුරුදු මෙග පොලිසිය භාර මහත්තයා මේ පාර ගැසුවේ civil ගලකි. අපේ කෙනෙක් යයි කීවේ ඔහුද මොරටුවෙන් Bsc උපාධියක් (සමාවෙන්න, පක්ස ලේකම්තුමා කියන හැටියට මහා බරපතල වරදක්) කල විද්‍යාර්තියෙක් යන පදනමෙණි. එතුමා, ලංකාවට ගෙන්වන වාහන වැඩියිද, ඒවා පාලනයට බදු ගසන්න ඕනයිද කියා තිබේ. කවුරුන් කීවද එය මසුරන් කටේ එබිය යුතු කතාවකි. එය අප විශ්ව විද්‍යාලයේ හිටිද්දීත් උගැන්වූ, එහෙත් තාමත් මහා පොලවේ කෙලින් හිටවන්නට බැරිවූ ප්‍රතිපත්තියකි. ඒ වෙනුවෙන් පෙනිහිටි මහදුරු අමල් කුමාරගේද මේමොහොතේ සිහියට නැගේ. එත් පුද්ගලික වාහන වලට tax ගසා, අපව ගෙන යන්නට පොලඹවන්නාවූ ළදරන් පොදු ප්‍රවාහනය සිහිවනවිට මෙවරද පැළය කෙළින් හිටවෙන්නේ නැතිබව ඉඳුරාම කිවහැක.
මේ ගැන ගැඹුරු කතිකාවතක් ඇතිවියයුතු පසුබිමක, ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා අපේ අල්ප දැනුමද අංශුමාත්‍රයකින් හෝ පිහිටක් වෙයි සිතා උදාහරණෙට ගන්නට ඉන්නා සිංගපුරුවම පට්ට ගසමි.

අපිට මෙන් නොව එහෙ “Land Transport Authorityක්” තිබේ. එහි දැක්මද අපට බොහෝ දුර ඈතකවූ ” We keep your world moving” ය. එහි ප්‍රධාන අංග කිහිපයක් මෙසේ හඳුනාගත හැක.

1.)දියුණු මගී බස් රථ සේවාව
• බස් රථ මංතීරු සඳහා සම්පුර්ණ දින හා සාමාන්‍ය දින ක්‍රියාත්මක කාලයන් (Operation Hours for Normal and Full-Day Bus Lane Schemes) ක්‍රමයක් පවතී.

බස්වලට අමතරව හදිසි සේවා, පොලිස් හා බයිසිකල් සඳහා පමණක් මේ මංතීරු බාවිත කළහැක. වැදගත්ම දේ නම් එම මන්තීරු ආක්‍රමණය කරන මෝටර් රථ රියදුරන්ට ඇ. ඩො. 1000ක දඩයක් හෝ මාස 3ක සිර දඬුවමක් පැනවිය හැක.(ක්‍රියාත්මක්වුදාක මෙහේනම් බෝගම්බරට ඇතුළුවීමට රියදුරන් සඳහා වෙනම මංතීරුවක් සෑදීමට සිදුවිය හැක)

• බස් රථ වලට අනිවාර්යෙන්ම ඉඩ දෙන (Mandatory Give-way) ක්‍රමයකි.
අනික් රියදුරන්ට බස් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට සිදුවන අතර එමගින් පොදු ප්‍රවාහන සේවය බවිත කරන්නන් දිරිමත් කෙරේ. (අපේ බස් රථ රියදුරන්ද light ගැසීම හෝ ඇඟට කැපීමෙන් මෙසේ ප්‍රමුඛතාව ලබා ගන්නා බව පාරේ යන එන්නෝ අත්විඳ ඇතුවාට සැක නැත)
(රුපය 01 බලන්න)

• බස් සේවාව දුම්රිය සේවාවටම ඈඳුනකි. මෙමගින් මගීන් ගමනාන්තයට වඩාත් සමීප කරයි. බොහෝ මාර්ගවල රෝද පුටු අතුළු කලහැකි (Wheel Chair-accessible buses-WAB ) බස් රථ පවතී. දැනට එය 85%ක් වන අතර 2020දී 100% සම්පුර්ණ කිරීමට හැකිවේ.

• මගියාගේ කැමැත්ත මත අධි මිල (Premium Bus Service) හෝ කඩිනම් (Fast Forward Bus Service) ලෙස තෝරා ගත හැක

2.) MRT සහ LRT (Mass Rapid Transit & Light Rail Transit) දුම්රිය සේවාව
• වඩා ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍ය වේ. දිනකට මගීහු මිලියන 2කට අධිකව සංක්‍රමණය වෙති. මුදලින් හෝ අගය තැම්පත් කළ සුහුරු පත් (Stored Value Smart Card) ලෙස ගෙවීම් කල හැක.
(රුපය 02 බලන්න)

3.) මෝටර් රථ
• මෝටර් රිය ගෙදර තබා විකල්ප පොදු මාධ්‍ය බාවිතය දිරි ගැන්වේ. මෝටර් රිය මාර්ගය අසල ඇති රියගාලක නවතා බසයෙන් හෝ දුම්රියෙන් යාමට පහසුකම් ලබාදේ. පුද්ගලික රියෙන් නගර මද්‍යට ගොස් රිය නැවතීමට තැනක් සොයමින් යාමට කාලය නාස්ති කලයුතු නොවේ. නගර මද්‍යයේ පුද්ගලික රිය නැවත්වීමට සාපේක්ෂව වැඩි මුදලක් අය කෙරේ. තදබදය අඩු වීමෙන් පරිසර දුෂණය අවම වේ.

• වාහනයක් අයිති කරගැනීමේදී විවිද ගාස්තු පැනවීමෙන් එය අද්‍යීර්ය කෙරේ. සීමිත මාර්ග ප්‍රමාණයක් පවතින නිසා සලාක ක්‍රමයක් (Vehicle Quota System) පවතී. අයිතියටද (Ownership tax) අය කෙරේ. මීට අමතරව ලියාපදිංචි කිරීමේ, අතිරේක ලියාපදිංචි කිරීමේ, අභිප්‍රේත අතිරේක ලියාපදිංචි කිරීමේ, තීරු බදු, මාර්ග බදු හා විශේෂ බදු ලෙස ගාස්තු ය කෙරේ.

• වාහන ඇතුළු කිරීමේ බලපත්‍ර ගාස්තුව හා කඩවත් බද්ද (Vehicle Entry Permit Fee & Toll fee) අය කෙරේ. මෙම බදු වාහන වර්ගය, පරීක්ෂාකරන මධ්‍යස්ථානය හා දිවා/රාත්‍රී වීම අනුව වෙනස්වේ.

• ඉලෙක්ට්‍රොනික මාර්ග ගාස්තු (Electronic Road Pricing-ERP)
මෙම බද්ද තදබදය අවම කිරීමට උච්චකාලයන් (Peak Hours) හිදී අය කෙරේ. මෙමගින් රියදුරන්ට විකල්ප ප්‍රවාහන මාද්‍ය, මාර්ග හා සුදුසු කාලයන් බවිත කිරීමට දිරි දේ. සම්පුර්ණ විශ්වාසදායි මානව වැරදි රහිත කාර්යක්‍ෂම ක්‍රමයකි.
(රුපය 03 බලන්න)

මෙවැනි දියුණු පොදු ප්‍රවාහනයක් ඇති කිරීමෙන් පසු ගාස්තු අය කරනවාට කිසිවෙක් විරුද්ධ නොවනු ඇති අතර ඒ දවස මේ කපේදී මේ සිරි ලංකාද්වීපයේ උදානොවන බවද ඉඳුරාම පැවසිය හැක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s