උද්දච්ච BMW නෝනාද සහ ඉවසිලිවන්ත ට්‍රැෆික් රාලහාමිද දකින එහෙත් අප නොදකින විපරීත මව් සෙනහස

පසු ගිය ජනවාරි 08 වනදා වනවිට අපේ රටේ ජනප්‍රියම කාරය වූයේ ලම්බෝගිනිය. පුරා හය මාසයක් අතුරුදහන්ව තිබූ ලම්බෝගිනිය නැවත අලුගසා නැගිට මුව මුව රැඳෙන මාතෘකාවක් වේයැයි සිතා සිටි සමයක BMW කාරයක් හදිසියේ කරලියට පිවිසුණේය. ඒ ද වළලු දැමු අතකිනි. දැන් පාරේ කප් ගසා දුවන්නේ මාලබේ නෝනගේ BMW රියයි.ඒ පසුපස දෙවනියට දුවන්නේද වෙනදා නොදුවන කෙනෙකි. ඉඳ හිටවත් එසේ දුවතැයි නොසිතු, කිසිදා හොඳක් නොඇසූ පොලිස් රාලහාමි කෙනෙක් ඈ පසුපස හෙල්මටයක්ද නැතිව දුවයි. ඇත්තෙන්ම දුවන්නේ ඔහු නොව එදා ඔහු පලකල අති විශිෂ්ට ඉවසීම බව කියන්නෝ බොහෝය. සමාජ ජාල උඩින් සයිබර් අවකාශය පුරාම මේ දෙන්නා හැල්මේ දුවති. එහෙත් අද කතා තේමාව ඔවුන්ගේ ගමන ගැන නොවේමැයි.

සමාජ ජාල වාර්තා කරන පරිදි සිද්දිය මෙසේය.

(උපුටා ගැනීම:)
රාත්‍රී 7ට විතර මාලබේ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිඋන වැඩිමහල් දියණිය එකී පන්තිය නිමවී ඇයද, බාල දියණියද, සැමියාද සමග කඩුවෙල නිවසට පැමිණෙමින් හිටියා. එන අතරෙදි බාල දියණියට මවුකිරි බීමට ඕන උනා. නිවසට යාමට ඇති හදිසියත් බාල දියණියගේ කෑගැසීමත් නිසා ඇය වම් පසින් ලංකරගෙන ඈට කිරිබීමට සලසමින් දකුණතින් වාහනය පදවාගෙන ආ බව සඳහන් වෙනවා.
(උපුටා ගැනීම අවසන්. )

වීඩියෝ ක්ලිපයේ පරිදි ඈද, එකී චෝදනාව ඍජුව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඈ දිගින් දිගටම ගේම ඉල්ලමින් කියන්නේ එකී චෝදනාව ඔප්පු කරන ලෙසයි. ඇත්තෙන්ම මෙයින් කියවෙන්නේ කුමක්ද? ඇගේ කාර්යබහුලත්වය ඇගේ මහන්තත්තය තරම්ම ලොකු බව ද? නැත්නම් අපි කුඩාකල සිටම අසා තිබු හොඳම දේ දරුවාට බව ඈ උගත් පන්තියේ නොඉගැන්වූ බවද? එකල අපේ අම්මලා ඔක්කොම කලේ අප වෙනුවෙනි. තරුණ මවුපියන් වූ අපද අද සියලු දුක් උසුලා වෙර වීරියෙන් රුපියල් සත පසුපස යන්නේද දරුවන්ගේ හෙට දවස හොඳ කරන්නට නොවේද? මාස දෙකක බිලින්දියට වාහනය නවත්වා කිරි කඳුලක් දෙන්න බැරි තරම් ඈ වෙළා ඇති හදිස්සිය කුමක්ද?

මේ සියල්ල දෙස සිතා බලමින් හිටි විටෙක මුහුණු පොතෙන් මා නෙත ගැටුණු මේ චායාරුපය එකී සියලු ප්‍රශ්න විසඳනවා නොවේද….දැන් ඇත්තේ මට එකම එක පැනයකි. මේ කොයි යන්නේ…..?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s