හිරුණිකා, පච්ච සහ කුමරි බඹසර

ඕතොමෝ කවදත් පුවත් මවන්නීය. ඇතැම් පුවත් ඇගේ වචන, අභින සහ රූපණ හරහා ඈම මවන අතර ඇතැම් ඒවා මැවෙන්නේ කොහේදැයි සක්‍රයාවත් නොදැන සිටී යයි උපකල්පනය කිරීම වරදක් නොවේ. හාහාපුරාකියා ඈ පුවතක් මැව්වේ ඇගේ පියාගේ නිසල දෙණ ගෙදර සාලයේ තියාගෙන මහපාරේ හිටන්ය. ගාල්ලේ පළපුරුදු ජ්‍යෙෂ්ට අමාත්‍යවරයෙක්ගේ පුතෙක්ද පෙන්වමින් “මාව බඳින්න ඉන්නේ මෙයා යයිද නැතුව අහවලාගේ ලොකුපුතානොවන්නේ යයිද” ඈ නොවළහා පැවසුවාය. එතැනින් ඇරඹුණු පුවත් මැවීම පියාගේ අවමගුල් දිනයේදී කිරුලු පැළඳුවේය . ඉන්පසු ඇගෙන් එකී රාජකාරිය දේවකාරියක්සේ බාරගත් සයිබර් අවකාශයේ “ඇනොනිමස්”මාද්‍ය සගයෝ දිගටම පුවත් මැවූහ. එහිදී, එකී පුවත් ඇගේ ඇඳුමින් පැළදුමින් විනිවිද ශරීර අබ්‍යන්තරයට ගිය අතර අත් පා හරහා ගොස් සියොළඟ කරක්ගසා අවසන පිටෙහි ලැගුම් ගත්තේය. මෝස්‌තර නිරුපණයෙන් මන්ත්‍රී වෙස් ගනිද්දී එක්වුණු කර වැසුනු හැට්ටය එකී පච්ච කථාවට නිහඬ සාක්ෂියක් බව බොහෝ ඇත්තෝ සිතුහ.

ජනවාරි 08 දේදුනු විප්ලවය වෙනුවෙන් බලය තිබෙද්දී ආණ්ඩුවෙන් එළියට ආ කීපදෙනා අතරට එක්වූ ඈ එහිදීද ආන්දෝලනාත්මක ප්‍රවුර්ත්ති රැසක් මැවුවාය. පාර්ලිමේන්තුව විසුරුවා ඇති මේ අල්ලපනල්ලේ ඈ දැන් තවත් උණුසුම් පුවතක් මවා ඇත. ඒ තකහනියේ විවාහ ගිවිස ගැනීමෙනි. එය දැන් පරණ පුවතකි. නමුත් සයිබර් මාද්යකරුවෝ එකී පුවතින් ගොජ ගොජ ගා පහෙන උණුම උණු අතුරු පුවත් රැසක් මවා ඇත්තෝය. ඇතැම් ඒවා මී පැණි මෙන් රසය. තවත් ඒවා පතෝල මෙන් ගුණය. තවත් සමහරක් බොම්බලි කරවල මෙන් ගඳය.

අපි ගමේ පල් හොරා, කසිප්පුවා මතු නොව ගැණුඅන්තුවෙක් මැරුණු විටද සත්ගුණවත් උපාසක මහතාට නිවන් සැප ලැබේවායි ඉත සිතින් පතා මරණ දැන්වීම් ඇලවූ ජාතියකි. ඒ අර්ථයෙන් ඇගේ දේශපාලනය පසකින් තබා ඈට සුබ මංගලම් යැයි කිවනොහැකි ද ? එසේ කියන්නටත් දිව නොනැමේනම් තුක් නොදකින් යයි සිතින් සිතා ඕනෑනම් කාරා කෙළද ගසා, සයිබර් පිටෙහි මේසා අවලස්සන විහිළු නොකර හිටින්නටවත් බැරිද? එක්වරක් පක්ෂේ ලේකම් සමග සභාපතිට විරුද්ධව පිටමන් වූ ඇගේ දේශපාලන පතිවත ගැන අප සහතික නිකුත් කරන්නේ නැත. එසේකල නොහැකි පසුබිමක ඇගේ පුද්ගලික ජීවිතය ගැන ඈ පනමෙන් සුරැකි කුමරි බඹසර ගැනද කීමට අප ඉක්මන් වන්නේ නැත.

පගර නැට්ටන් ලෙස කඳ බඩ පිට එකට ඇළී චන්ද හිඟා කා මැතිසබේට රිංගා පසුව ජරාව කා ආරාගිය බඩ ගෙඩියක් ඇතිව එන සියල්ලෝම ගබ්බරයෝද?ගබ්බරියෝද? (මහජන මුදල්, රාජ්ජ දේපළ ගසා කෑමට විලි ලැජ්ජාවක් නැත්තෝ ඔය වැඩේට ලජ්ජාවේද යන්න වෙනම කාරණයකි.)

එහෙත් මෙයනම් නොකියාම බැරිය. ඈද කාගේ හෝ සොයුරියකි. දියණියකි. යෙහෙළියකි. පසුගිය දින සිට බිරිඳකි. අද මේ කතාවට ලක්වන සොයුරිය, දියණිය, යෙහෙලිය හෝ බිරිඳ ඔබේ වූවානම්…….

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s