වෙසක්, පොසොන් හා තවත් කතා

මිහිඳු මාහිමි: මහරජ තොපට අනුකම්පා පිණිස ජම්බුදීපයේ සිට මෙහි වැඩම කළෙමු. …………………
තිස්ස රජතුමා: පොඩ්ඩක් ඉන්න හිමියනි, මුලින් ඔබ හයනම වහන්සේ සමග මිහින්තලාව බැක්ග්‍රවුන්ඩ් වනසේ සෙල්ෆියක් ගසා දෙවනුව එකත්පස හිඳගන්න තුරු…….

මේ මා අද උදෑසන බුකියේ දුටු රූප කාටුනයක කතා සාරාංශයයි. අල්ලා ගතයුතු දේ අත්හරින,අත් හරියයුතු බොහෝ දේ වැරදි තැනින් අල්ලාගන්නා අපේ නුතන බෞද්ධයන්ට මෙහිද බොහෝ වැරදි පෙනෙනු ඇත. මෙය කෙනෙක්ට අහවල් ආගම විසින් අපට කල මහා අවමමානයක් වියහැක. තිස්ස රජුට කළාවූ සාපරාධී අපහාසයක්ද වියහැක. එහෙත් මම ඔබට කාරුණිකව සිහිපත් කරන්නේ දිගුකරනා ඇඟිල්ල වෙනුවට ඉන් පෙන්වන්නාවූ හඳ දෙසම පමණක් බලන ලෙසයි. ඉන් බෞද්ධ අප නුතනයේදී වැටී සිටින කනගාටුදායක ඉරණම නිරුපණය නොවේද? අපි අපගේ වටිනාමවූ ආගමික උත්සව අල්ලාගෙන සිටින්නේ හරි තැනින්ද, බුදුන් වදාළ හරි මග ඔස්සේමද යන්න ගැන කදිම විවරණයක් නොවන්නේද?

දිනය පසුගිය අඟහරුවාදාය. පොසොන් පුරපසලොස්වකදාය. මගේ බිරිඳට එදින යෙදී තිබුනේ සන්ද්‍යා වැඩමුරකි. රෑ අටට ඈ සේවයෙන් නිදහස් වන්නීය. වෙනදා මිනිත්තු 45 කින් රෝහලට ළඟාවන මම එදිනද සුපුරුදු වෙලාවට මහ මගට පිළිපන්නේය. මහ මග එදින මරු මගකට නොදෙවෙනිය. නොයෙක් නලා නාද කරමින්, තුන්දෙනා ඩබල් දමමින්, පාරේ ලියකම් මල්කම් කපමින් ඉදිරියට ඇදෙන්නෝ සාතිශය බහුතරය, වයස අවුරුදු 19/20 නොඉක්මවූවෝය. පොසොන් පොහෝ දිනය ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දී ගෙවිය යුතු බව ඉගැන්වුවද හැමෝම සිල් රැක්ක යුතු බවටම නීති පනවා නැත. එසේ කරාවියැයි බලාපොරොත්තු වීමද අනුවණකමකි. එහෙත් දෙමවුපියන් සමග හෝ තනිව හෝ පන්සලකට යාමට ඒ කිසිවෙකුට බැරි නැත. අපි දන්සල් වැඳගෙන මේ යන්නේද පන්සල් යයි උහු තර්ක ගෙන ඒමටද පුළුවන. පන්සලකට යාමට ඕනකෙනා තමන්ගේ පළාතේ එකක් වෙනුවට පන්සල් සියගණනක් පහුකොට ඩොටේ එකක් තෝරා ගන්නේ ඇයි ? නිකන්ම ගෙදර සිටිනවාට වඩා මෙහෙම වත් පන්සල් යෑමද හොඳ බවට තර්ක ගෙනෙන්නොද සිටිය හැක.

දන්සල්ද ඊට දෙවෙනි නැත. වන්දනාවේ යන්නන්ට තේ කඩ, ආප්ප කඩ වැහී ඇති පෝදා කන්න ටිකක් දීම උතුම් පින්කමකි. එහි වාදයක් නැත. ඩිමෝ බට්ටන්ට, ත්‍රීවීලර් වලට තෙල් ගසාගෙන, තට්ටුවට පුටු බැංකුද දමාගෙන නොසෑහෙන දුක් විඳගෙන යන එකී වන්දනා කරුවන්ට පාර අයිනට හෝ වාහන ඇතුලට එකී බෝජන ගෙනවිත් දියයුතු නැත. වාහනෙන් බැස පාරෙන් ඈත්ව පිහිටවූ දන්සලකට ගොස් සප්පායම් වී එන්නට බැරිකමක් නැත. එවිට දන්සල් නොයන අනෙකුත් මගී ජනයාට අවහිරයක් නැතිව දන්සල් දෙන්නන්ගේද කන්නන්ගේද අම්මඅප්පලා සිහිනොකොට වෙනදා මෙන්ම නිදහසේ පාරේ යාහැක.

ඊළඟ කාරණය පොසොන් නොව වෙසක් ගැනය. මොකද වැඩිපුර කුඩු බඳින්නේ වෙසක් මාසයේය. නැකැත් වැඩි මැයි මාසේ මගුල් කුඩුද වැඩිපුර බැඳෙන මුත් ඒවා අද වනවිට අටපට්ටම් සොලොස්පට්ටම් වී ඇති තරමට වෙනම දවසක කතා කළයුතු තරම් දිග මාතෘකාවකි. ඉස්සර වෙසක් කුඩු බැන්දේ බට වලිනි. ඇලෙව්වේ වෙසක් සව් කොලය. පත්තුකළේ ඉටිපන්දම්ය. මේ හැම එකකම ජීවිතය ගැන අපුරු තේමාවක් ගැප්වී තිබිණ. සිල් නොගන්නා ආමිස පූජාවේ යෙදෙන පිරිස වුවද බඳින කූඩුව ගැන අවසානේ මහා පාඩමක් උගත්තෝය. අද මෙන් කඩෙන් කුඩු නොගෙනා ළමෝ එක්ව සාමුහිකව වැඩක යෙදෙන්නට උගත්හ. පොලිතින් උරවල නොබැහාලු සව් කොළ ඇලවූ කුඩු, කොතරම් ආදරෙන් මහන්සිවී හැදුවද එක්‌ වැහිපොදකින් දියවී හැකිළී යන අපුරුව අනිත්යවූ ජිවිතයමෙන්ම තුටින් බාරගන්නට ඔවුහු උගත්හ. වැස්සෙන් බේරුනද ඊළඟට එන කෝඩෙට හසුව ඉටිපන්දම පෙරලී දැවී යන දෙස අකම්පිතව බැලීමට පුරුදු වූහ. අද හන්දියෙන් යකඩ කම්බි ෆ්‍රේම් එකට ඉටිකොළ අලවා ගෙනෙන කුඩුවට බල්බ් එකක් දමා දල්වන අපි අනේ අනිත්‍යන් කියන්නේ රෑ හතේ හෝ අටේ ප්‍රවුර්ති වල නොවැරදී හැමදාම දකින crime watch බලාය. නැත්නම් අද පාර්ලිමේන්තුව හෝ මැතිසබේ කෝලම් බලාය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s