සෙනුජ,

මම කියන්න හිටියේ අද හොඳම දවස ඔබ හිනැහෙනවානම් කියලයි. ඒත් ඒක හෙට මෙහෙම ලියන්න බැරිවේවි. එනිසා හෙට හොඳම දවස ඔබ හිනැහෙනවානම් කියල අද මෙලෙස සටහන් තබන්නම්. මැයි 22 අපේ ජාතික වීර දිනය. මුළු ලංකාවටම ඒක එහෙමයි. එත් අම්මටයි මටයි දැන් ඒක අපේ පුතාගේ උපන් දිනයත් වෙලා. ගිය අවුරුද්දේ අද වගේ දිනක ඔයා මේ ලෝකෙට ආපු හැටි අද වගේ මතකයි. දරුවෙක් කෑගහලා අඩද්දී අම්මයි තාත්තයි හිනාවෙන මොහොතක් ගැන අහලා තිබ්බට ඒක ඇත්තක් කියලා ඔයා ඔප්පු කරපු මොහොතේ ඔයා පෙනෙන, ඔයාගේ හඬ ඇහෙන මානේ ඉන්න එදා මම වාසනාවන්ත උනා. සුදම් අයියගේ කාරුණික උදවුවෙන් වීදුරුවෙන් එහාපැත්තෙ ඉඳන් මම ඒ මොහොතේ ගොලුවෙලා බලන් හිටිය. වතුර බේරී බේරී ගෙනාපු ඔයාව හොදට පිහදාල midwife මුලින්ම දුන්නේ මගේ අතට. නොතැලෙන්න, නොදැනේන්න මේ මල් පෙත්ත අල්ලගන්නේ කොහොමද කියල හිත හිත ඉඳිද්දී ඔය දෙවැනි පාරට කෑගහල ඇඩුවා. “මල්ලිට තාම හුරු නෑ බබාට බඩගිනි ඇති” කියල සුදම් අයිය ඔයාව ඇතුලට ගෙනිහින් බරත් කිරාගෙන අම්ම ලඟට අරන්ගියේ දසමාසයක් නොවිඳිනා දුක් විඳලා ඔයාව මේ ලෝකෙට බිහි කරපු ඔයාගේ රත්තරන් අම්මගේ කුළුඳුල් කිරි කඳුල පොවන්නයි කියල දන්න නිසා,මම වීදුරු දොර ලඟින් නැවතිලා බලාන හිටිය. එවෙලේ ඉඳන් අද වෙනතුරු මම තාමත් බලන් ඉන්නවා. අවුරුද්දකට පස්සෙත් තාමත් බලන් ඉන්නවා හැබැයි ඒ ඔය ලොකු වෙනතුරු ……

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s