සිරිපාල, උක්කුවා හා මැම්බර්

අපේ ගමේ සිරිපාලට වයස අවුරුදු පනස්පහකි. එයින් හරි අඩක්ම ගෙවුනේ අම්මා රන් එතනා නැතිවය. මියැදී අවුරුදු දහසයක් ගෙවුනද ඈ ජීවමානය. සිරිපාලගේ ජඩකම්, මැරකම් වනචරකම් හමුවේ මුනිවත රැකි ගමේ උන් බිය සැක නැතිව කල එකම දෙය වූයේ, රන් එතනා උදේ හවා සිහිකොට සිරිපාල වැදූ කරුමෙට අගේ මිනි වළට වැහිනැති හෙන වටෙන දිනයක් එනතුරු බලා සිටීමයි. ගමේ පොලිසිය සිරිපාල හා කීපවිටක්ම ගැටුනද ඌව කුදලාගෙන යන්නට බැරිවිය. ඔය අතරේ එකල ගමේ උන් මැම්බර්, එන පොට හොඳ නැතිනිසා සිරිපාල සමග කතාබස් කොට ඌට පස් පවින් වැළකී හොඳ මිනිහෙක් වෙනවනම් සාමවිනිසුරු කමක් රපොර්තු කළේය. අට අනුවක් පොරොන්දු, ගොජ ගොජගා පැහෙන රා කට්ටක් බිව්දාට අමතක වෙන සිරිපාල සැමදා ඒවා කඩ කළේය.

ඔය අතරේ හිටපු මැම්බර් මාරුවී අලුතෙන් කෙනෙක් ගමට ආවේය. නිකන්ම නොවේ සහෝදර බුරුත්තක්ද සමගය. ඔහුද චන්දෙ ඉල්ලගෙන ආවේ කලින් මැම්බර් ගැසූ ගිවිසුම් පනමෙන් රකින බව කියාය. ගමේ කාටත් වතුර පොදක් බොන්නට තිබු දිය බුබුලට වස දමන්නට සිරිපාල ගත් තීරණය ඔහුගේ ඉරණම වෙනස් කළේය. වැඩේටම ගැලපෙන කොලුද පොලුද රැළක් සකසා ගත් හෙතෙම සිරිපාලයා කුදලන්නට අවසානෙදි කැලේ පැන්නේය. කැලේ මෙහා කෙලවරින් පටන් ගත් හටන එහා කෙලවර තෙක් ඇදින. මුලින් ඔත්තු බලා උදව් කරමින් සිරිපාල සමග සිටි නෑයන්ද පසුව ඔහු හැර ගියහ.

වෙල්ගම්මුල දෙනියට සිරිපාල කොටුකරගත් කොල්ලෝ අද වන් දිනෙක ඔහුගේ ඉරණම විසදුවෝය. අල්ලා ගත්තේ ඔහුමද නැත්නම් ඔහුගේ හිස සිඳුණු කයදැයි අදද ගමේ කයි කතන්දර පවතී. ගමේ හැමෝම එදා ගම්මැද්දට පැමිණ කිරිබත් කා, හක්කපටස් පත්තු කර සිරිපාලට හිමි නියම ගෞරවයදී කරදරය නිමවීමේ සතුට සමරුහ. ඔහුගෙන් පීඩාවිදි ඔහුගේ නෑයින්ගෙන් කොටසක් එම උත්සවයට එක් වූ අතර ඇතැමුන් ඔහු හා සම්බන්ධයක් නැති බව හැඟෙන සේ උන්හ. කොටින්ම සිරිපාලගේ මිනියවත් බාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ අතර මරණාධාර සමිතියේ වියදමින් පන්සල් වත්තේ භූමදාන කළේය.

ඔය අතරේ තවත් අපුරු දේවල් කිහිපයක්ද සිදුවිය. කැරැල්ලට නායකත්වය දුන් උක්කුවා මැම්බර් හා විරසකවී ඇනකොටා ගන්නට පටන් ගත්තේය. දෙපිලකට බෙදුණු අතර අවසානෙදි නැතිවූ සුදු පරෙය්යෙක් ගැන කියා උක්කුවා පොලොසියට බාරදී මැම්බර් තමන්ගේ හරකබාන බලාකියාගෙන ජිවත් වුයේය. සිරිපාලගේ මරණය ගැන අල්ලපු ගම්වලුන් නානාප්‍රකාර කතා කියද්දී අපේ ගමේඋන්, අපේ ගම කන්දක් උඩ පිහිටි බවද , ගම කුණු ඇලකින් වටවී ඇතැයිද සිතා තම කුටුම්බ තුලම සිරවුහ.ඔය අතරේ සිදුවූ එකම දෙය වුයේ සිරිපාල මැරුණු දිනට ගම වටේ සයිකල් සවාරියක් යෑමය. ඊට හටනේදී භාවිතවුණු කඩු, දුනු, තෝමරාදියද එක් කළහ.

මේ අතර,ගමේ වැඩිහිටියන්ට අලුත උපන් කිරි සප්පයන්ට සිරිපාලගේ සැහැසිකම් කියාදීමට නිනව්වක් නොවූ අතර මතක් වුයේ එක්කෝ පොඩි උන් බයකොට හබුන් කවන්නට හෝ මැම්බර්ලට ගමේ චන්ද කොරන්නට ඕනෑවිටදී පමණකි. ඔය අල්ලපනල්ලේ, සිරිපාලගෙන් වැඩිපුරම බැට කෑ, උගේ ගේ අවට සිටිඋන් වුවද ටික දිනකින් සිතුවේ දැන් අපට සිරිපාල නැතිව මොන කලක්දැයි කියාය. අපේ ගම, රට පුර පරසිද්ද උනේද සිරිපාලගේ වැඩ නිසා බවයි. සිරිපාලගේ ඇවෑමෙන් තමන් ලද නිදහස උහු හිතාමතාම අමතක කල අතර අල්ලපු ගමේ කල්ලතෝනි ටිකද ඊට උඩගෙඩි දුන්හ. එනිසා මෙවර සවාරිය එළඹෙන දිනය අල්ලා ගම පුරා කැලා පත්තර වියපාරයක් දියත්වූ අතර එයින් ඉල්ලා තිබුනේ 19 වනදාට බකට් ලන්තෑරුමක් රැගෙන වෙල්ගම්මුල දෙනියට එන ලෙසයි. ඔය අතරේ මැම්බර්ගේ නිවස අලුතින් බද්දට ගෙන ආ අයද කීවේ සයිකල් සවාරිය නිසා බකට් පත්තු කරන්න එන අයගේ වැඩට බාදා ඇතිවියහැකි බවයි. අනික මෙය සයිකල් සවාරියේ අවසානයද වියහැකි බවයි. මෙහෙම ගියොත්, සයිකල් සවාරියේ රැගෙන ගොස් අත්හැර දමනු ලබන සයිකල් ගොඩද පත්තු කර එයින් සිරිපාලගේ සොහොනට ආලෝක පුජා පවත්වන දිනයද වැඩි ඈතක නොවන බව අපේ අත්තම්මා අගේ ලොබු කටින් කියනවා ඇසී මම ඇහැරුනෙමි……..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s