ෆුල්ෆේස් හෙල්මට්, පොරෝ පාරවල් සහ කොටු පැනීම්

ෆුල්ෆේස් හෙල්මට් ඇත්තේ පොරෝ පාරවල්වලින් බේරීමට නොවේ. කොටු පනින්නෝ ෆුල්ෆේස් හෙල්මට්ද නොපළදති. කොටු පනින සියල්ලෝ පොරෝ පාරවල් වලට ලක්වන්නෝද නොවෙති. ඇත්තෙන්ම මේ තුනෙහි එකිනෙක සහසම්බන්ධයක් ඇත්තේද නැත. එකම කාලයක මුවග රැව්දෙන වචන තුනක් පමණක්ම වෙත්.

කොටු පැනීම වනාහි පාරම්පරික ඉතිහාසයකට නෑකම් කියන්නකි. ත්‍රාසයද භීතියද මිනී තුනකට ඉඩද රැඳී සෙල්ලමකි. එදා බහුතරවාසීහු හේනක් කුඹුරක් කොට බඩ සරි කරගත්තෝහ. ඒවා තම නිවෙස්වලින් ඈත්වද එකිනකට ලංවද පිහිටියෝය. සියලු ගොවින් එකවර නිදි වරා සිය බවබෝග වෙන වෙනම රක්ෂා කිරීම කරදරයක් වූවිට, සේවා මුර ක්‍රමයකට කිරීමට හුරු වූහ. එසේ කොටු ගසා සළකුණු කරගත් යායක පරිධිය වටා එක් පුද්ගලයෙක් තම නිවසේ සිට ගමන් අරඹා ගොස් නැවත නිවසට පැමිණීම එක රාජකාරියකි. ඔහු පැමිණි පසු දෙවැන්නා ගමන් අරඹයි. අලි කොටි වග වලසුන් මැද එකී ගමන යාම තරමක් බිහිසුණු වූ අතර එය යුද්දෙට ගොස් එනතුරු ගෑණි මිතුරෙක්ට බාරදී යනතරම් අවිනිච්චිත වුයේද නැත. අනුන්ගේ අඹුන්ට කෙළ හැළී මෙලෙක්වූ හදින්, පළමුවැන්නා තම කොටුව සලකුණු කර ඒමට පෙර එකී කොටුව හරහට කපා ගෙට රිංගුවෝද මෙකල මෙන්ම එකලද විරල නොවූහ.

ෆුල්ෆේස් හෙල්මට් ගැන මට අත්දැකීම් ඇත්තේම නැත. කලාතුරකින් පැද්ද තාත්තගේ C -90 යට තිබුණු හෙල්මටයට සම්පූර්ණ මුහුණු ආවරනයක් තියා සන් වයිසරයක්වත් තිබ්බේ නැත. එත් යතුරු පැදි කරුවන්ට ෆුල්ෆේස් හෙල්මටයකින් ලැබෙන ආරක්ෂාව ගැන කියන්නට මග තොටේදී දුටු අනතුරු ගැන මතකය ඕනෑවටත් වැඩිය.

ෆුල්ෆෙස්ද හාෆ්ෆෙස්ද නෝෆේස් යන එකී මෙකි නොකී කුමන හෙල්මටයකින් හෝ සන්නද්දව, පාරේ යද්දී මාල වළලු මුදු කඩා ගෙන ගියා සේ බැංකු කැඩූ බවක් මෙතෙක් අසා නැත. වී ඇත්තේ යතුරු පැදියෙන් බැස අවුත් සිදුවූ කොල්ලකෑම් පමණි. යතුරු පැදියෙන් බැසගත් පසු කිසිවකු හෙල්මට පැළදියයුතු නැත. කළයුත්තේ, එකී සියලු ආවරණ ඉවත් කර බැංකුවට ඇතුල්වියයුතු බව දන්වා අණ නොපිළිපදින්නන්ට අවම බලය පෙන්වා “මාරක ස්පොටයකට” දණට උඩින් වෙඩි තැබීම පමණි. බුර්කා ඇඳන් ඇතුලුවෙන අයවලුන් ගැන මෙහිදී පටලවා ගතයුතු නැත. එය හෝල් බොඩියම වැසෙන සේ එවුන්ගේ ආරක්ෂාවට දෙවියන් දුන් පඬුරකි . එයට අභියෝග කලයුතුද නැත. මේ දිවිය අවසන් කොට ස්වර්ග රාජ්ජයකට යාමට පෙරුම් පුරනා දේවවාදී සියල්ලෝම ඊට අවශ්‍ය කළමනා එකතුකර ගන්නට යන්නේ ආගමික පුජ්‍ය ස්ථාන වෙතය. එකී ශුද්ධ වූ අයිතියද සුදු තොප්පි කරුවන්ටම බාරදී ගෙදර නැවතී සිටින තරමටම ඔවුන් විශ්වාස කරන්නාවූ කාළ වස්ත්‍ර දාරීනීන්ට රන් රත්‍රන් හෝ මුදල් හුවමාරුවට බැංකුවට වල්ලභයන් අතම ඒවා එවා, බැංකු පරිශ්‍රයෙන් එළියේ සිටීමට බැරි කමක් තිබිය නොහැක.

වතුරට වැටෙන පොරෝ අහුලා රන්ද රිදීද කියා අසන දේවදූතියන් හිඟ මෙකල ගෙදර දොරේ ඇති යකඩ පොරෝද පරිස්සමින් පාවිච්චියට ගැනීම කොහොමත් නුවනට හුරුබව අවසාන වශයෙන් මතක් කරදෙමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s