ෆීල්ඩ් මාර්ෂල්(වෙල් විදානේ)

“පිංතාලිය හැදුවේ අපේ බෝසත් විදානේ
පැන් බිව්වේ මහ දන සිටු ලෙසානේ
දෙව්ලොව වැඩි පසු ඒ ගුණ කදානෝ
පිංතාලිය බින්දේ දෙව්දත් පුතානෝ”

පිංතාලිය හැදුවේ කව්දැයි මට නිනව්වක් නැත. මාවිල් ආරුවේදී, ප්‍රභාකරන් පුත් චාර්ල්ස් නොවුවද කව්රුන්හෝ පින්තාලියක් බිඳ පොල්ල වරද්දා ගත බව නම් මතකය. යුද්ධය ගැන මතක හැමෝටම තව අට අනූවක් නම් අතර සරත් ෆොන්සේකා නාමයද ඉදිරියෙන්ම මතක හිටිනවා ඇත. ඒ අමනයාගේ හිස සුන්කළ ක්‍රියාන්විතයට අණදුන් පිනින් ඔහුට දෙව්ලොව කවුළු විවරව නැතත් දොරට තට්ටු කර බොකු බඩවැල් අතුනු බහන් දෝතට ගෙන කිහිපවිටක් ආපසු හැරී ආ බවනම් හොඳටෝම මතකය.

ඊයේ පෙරේදා ඔහුට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලැබුණු බව දැන් පරණ පුවතකි. එහෙත් ආගන්තුක තානන්තරයේ උණුසුම නම් තවම නැවුම්ය. යටකී ගීතය අසා සිටින රැයක සිහියට ආවේ නමින් නුහුරු වුවද තනතුරින් කප් ගැසුවන් රොත්ත බුරුත්තක් අනාදිමත් කලෙක පටන් හිටි බවකි. field (ක්ෂේත්‍ර/කුඹුරු/වෙල්) ලෙසත් marshal (අණදෙන්නා/විදාන කරන්නා) ලෙසත් හැඳින්වීමේ වරද කිම?

සුද්දා රට කරවූ සමයේ ඒජන්තයෝද ඔවුනට පහළින් දේශිය නිලදාරී පැලන්තියක්ද වූහ. එකී නිලධාරීන් ස්වකීය තානාන්තර ලබා ගත් අකාරය සම්බන්ධයෙන් හුදී ජනයා අතර නොයෙක් හාහෝ පැවති අතර මෙම වෙල් විදානේ සම්බන්ධයෙන්ද එය නොවෙනස්ව පවතී. ගම්මුන් මොනවා කීවද විදානෙලා දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් නින්දගම්/පරවේණි උරුමයන් අනෙක් නිලධාරීන් සමග බෙදාහදාගත් බවක් ඉතිහාස පොතේද නැත. අදද නැත.
මෙකී විධානේ ඇඳුම ඇඟලාගෙන කවුන්සිලේද යාහැකි බව කියවෙන අතර දුගඳ හමන මඩ ගොහොරුවට බහින්නටම ඕනෑනම් කඩු කස්තිරම් ගලවා ඊටම ගැලපෙන ඇඳුමකින් සැරසෙන ලෙස පමණක් සටහන් කර තබමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s