බඩේ ගායට අරළු බොන්න දී බඩ යාමට කෝපි බීම නොහොත් අපේ ක්‍රිකට් තේරීම්

71/2, 1/2 සහ 3 තියරියෙන් අර්ධ අවසන් පුර්ව වටයෙන් ඔබ්බට යානොහැකි බව ගිය සතියේ ලීවෙමි. ඉන් ඔබ්බට තියා ලීග් වටයේ 2 ස්ථානය දිනා දුර්වල සතුරකු සටනට කැඳවා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කරගත් පසුබිමක සිටමෙසේ ලියමි. SCG අපට කවදත් හිතකරය. එත් මෙසේ තණ බූ ගෑ වියලුනු විකට්ටුවක් ලැබෙතැයි කිසිවකුත් නොසිතුවෙමු. pitch රිපොර්ටර ෂේන් වෝන්ද ක්‍රිකට් පාරිභාෂිකයට අලුත් වදනක් හඳුන්වාදී “super dry wicket” යැයි කියන තරමට පුදුමවී තිබුණි. (එහෙත් ඔහු වර්ණවීරයන් තනාදී ඔහුත් බඩ පිනුම් ගසා කඩුලු දඩයම් කළ ගාලු පිටිය සිහි කර නොගැනීම වාසනාවකි. එසේ සිහිවීනම් කර පටියෙන් ගෙල සිරකරගෙන දිවි තොර ගැනීමටද ඉඩ තිබිණ)

දකුණු අප්‍රිකානුවන් ලකුණු 408ක් රැස්කර සති 2ක්වත් ඉක්ම ගොස් නැති පිටියක ප්‍රබල කැන්ගරුවන් හා , පුර්ණ පන්දුයවන්නන් තිදෙනෙක් සමග පමණක් සටනට බහින්නට ඇන්ජිට තිබූ “ගට” මයිකල් ක්ලර්ක්ටද නොතිබුණි. ඔහුත් ගෙදර වැඩ කිහිපයක් සිදු කොට, මන්දගාමී වීකට්ටුවක සීමය කපා පන්දු යැවියහැකි ඩොර්ටි, ෆෝල්ක්නර් සමග වොට්සන් කැඳවා පන්දු බල ඇණිය සවිබල ගැන්වා තිබිණ. එහෙත් අපේ හිටපු වමත් කස කරුවා ඉස්සර පිත්තෙන්ද දැන් තීන්දු තීරනවලින්ද ලෝකය පුදුම කරවමින් සිටී.(අවසාන 11දෙනා තේරීමේදී තීරක බලය කොමිටුවේ සබාපති තුමාට නැතිනම් හෙතෙම තම පුද්ගලික වියදමින් නවසීලන්ත/ඕස්ට්‍රලියානු සංචාරයක යෙදී සිටිද්දී star sports කැමරා කාචයක අහම්බෙන් සටහන්වී අපිට පෙනෙන්නට ඇතැයි සිතා හිත හදාගන්නා ලෙස මම ඔබට යෝජනා කරමි)

දැන් ඇත්තේන්ම ODI 50 overs ක්‍රිකට්‌ කියා දෙයක් නැත. ඇත්තේ, මිතුරකුගේ පොස්ටුවක දුටු අයුරු ඕවර 30ක ODI + 20ක T20 ක්‍රිකට්‍ ය. ඉතින් ඒ අරුතෙන් නො. 7/8 ලෙස අවසන් ඕවර 20දී උපුල් තරංග ගැස්සවීමට වඩා හතළිස් පස් හැවිරිදි සනත්ම නැවත පිටියට පිවිස ක්‍රිකට් ගැසීම logical ය. (නැතුව කෝපි පැහැයට වඩා ළඟ නිසා සනා සිහිවූවා නොවේය). බාග පන්දු යවන්නන්ගෙන් ඕවර 20ක් යැවීම අරළු බීමක් වන්නේ උන්ට බඩ යනතුරු පහර වැදීම නිසාම නොවේය. එතනින් form වන පිතිකරුවන් ඊයේ වුනාසේ අනෙක් පුර්ණ පන්දු යවන්නන්ටද පසුව පහරදී උන්ගේ moral බිඳ, කොඳු නාරටිද කඩා දාන නිසාය. අවසානයේ සමස්ථයක් ලෙස වැඩියෙන් දෙන ලකුණු 60/70 තරංගට නො 7න් පැමිණ කිසිදා ගහන්නට බැරිය. කුලයාගේ මුල් ඕවර කිහිපයේ විකට් කැඩීමද ඕන වෙලාවක ලකුණු 15/20 ක් ඉක්මනින්ම ගැහීමට ඇති හැකියාවද ප්‍රයෝජනයට නොගන්නාතාක්, සංගක්කාර most no of centuries list එකේ උඩට පැමිණ සනාගේ 28 ඉක්මවීමද අපි quarter final එකෙන් පැන ගැනීමද සිදු වන්නේ නැත. (ස්කොට්ලන්ත තරගයෙන් පසුව ඇරඹෙන වඩා තියුණු වටයේදී සංගාට ශතක 4කට වඩා ගසා සනා ඉක්මවායෑම අපහසු බව උපකල්පනය කොට හෝ සනා team එකට දිනන කොම්බිනේශනයක් හැදුවොත් ලංකාව ගොඩය. නැත්නම් සනාට record ය; අප නොකවුට්ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s