සංගක්කාර ගැන මගේ මතකය

“සංගා උපන්නේ ගාල්ලේදීය”. දෙබරට ගසන්නේ උන් අවුස්සා ගැන්මට මිසක් උන්ගෙන් පහර කෑමට නොවේ. ඒ නිසා දැන් මං එය නිවැරදි කොට මෙසේ කියමි. මාතලේදී උපන් සංගාගේ ක්‍රිකට් උපන්නේ ගාල්ලේදීය. ඒ හීන්දාරි උස කොල්ල ගාල්ලේදී මුලින්ම ජාත්‍යන්තර තරගයකට මුනදීල දැන් අවුරුදු පහළොවකටත් වැඩිය. ඉතින් ඒ තරගෙ ඒ කොල්ලට මතක හිටින එක අරුමයක් නොවුනට, පළවෙනි තරගය නොවිච්ච මට ඒක මතක හිටින්න මොකක් හරි විසේස හේතුවක් තියෙන්න එපැය කියල හිතන කොට මතකෙට ආපු ඉලක්කමක් තියෙනවා. ඒ 156 වෙන්න ඕන මම නිවැරදිනම්. ( ඒක මගෙ පළවෙනි තරගය නොවුනේ මගෙ ක්‍රිකට් තරග නැරඹීමේ ඉතිහාසය 1992 වගෙ ඇතකට යනවා කියල කියන්නේ මුනිච්චාවට නොවේය) ඔය කියන තුන්කොන් තරගාවලියට පෙරාතුව මොරටුවේ තියපු පුහුණු තරගයේදී සිම්බාබ්වේට එරෙහිව තමා සංගා නොදැවී 156ක් ගහල මගේ විතරක් නෙමෙයි රටේම හිත් පැහැර ගත්තෙ.

තුන්කොන් තරගාවලියේ පකිස්ථානයට එරෙහිවයි සංගා මුලින්ම ODI ගහන්න ගාලු පිට්ටනියට ආවේ එදා.මට මතක විදියට ඒක එච්ච‍ර ලකුණු වැදුණු match එකක් නෙමෙයි. එදා වැඩිම ගැහුවේ තඩි ඉන්සමාම්ද කොහෙද. සන්ගත් ලකුණු තිස් ගානක් ගහල අපි දිනුව උඩින්ම. ගාල්ලෙන් පටන් ගත්තු සංගාට ODI ගාල්ලෙන්ම ඉවර කරන්න තිබ්බනම් හොඳයි. ඒත් දැන් ඒක වෙන්නේ නැති නිසා සංගාටයි මයියටයි ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න team එකේ ඉතුරු නමදෙනා MCG එකෙදි මාර්තු 29වෙනිදට ඒ උත්සවේ තියයි කියලයි රටේම කුදුමහත් අපේක්සාව වෙන්නේ. (29 වෙනිදා මෙල්බෝර්න් වල ගහන්නේ finals බව මතක් කර ගැනීම කියවන ඔබට බාරදීල, team එකේ සියලු ග්‍රහ අපල දුරුවෙන්න කියල කරන ප්‍රර්ථනාව මම කරන්නම්)

ඔන්න ඒ තුන්කොන් එකෙන් පස්සේ තිබ්බ ටෙස්ට් තරගාවලියට තේරුණු සංගා මේසා දුරක් test පිටියේ යන්න මංගල පස් පිඩැල්ල කපල අත්තිවාරම දැම්මෙත් මේ ගාලු පිටියෙම තමා. (මාතර උයන්වත්තට යන්න තිබුණු international ground එක ගාල්ලට ගත්ත කියලයි ගාල්ල මහජන ක්‍රීඩාංගනයේ කරපු අනෙක් ක්‍රීඩා වලට පිටියක් නැතිඋනා කියලයි හිතේ දුකට pitch එකට කළු තෙල් දැමීමයි, සංගාගේ මේ මංගල පස් පිඩැලි කැපීමයි කිසිසේත්ම සම්බන්ධ නැති සිද්ධි 2ක් බව එදා පිටියේ හිටපු ඇසින් දුටු සාක්ෂි කරුවෙක් ලෙස මේ ලියුම්කරු අවධාරණය කරයි) එදා match එකේදී සංගාට ලබා ගතහැකි උනේ ලකුණු විසි ගණනකි. දෙවන ඉනිමේදිවත් ලකුණු ටිකක් වැඩිපුර රැස් කිරීමට සිටි සංගාගෙන් එම අවස්ථාවත් උදුරා ගත් සනතුයි මහේලයි දෙන්නම ලකුණු 150 ගණන් ගහල match එක innings පිටින් south africaලව පැරද්දුව.
එත් මට සංගා ගැන හොඳම මතකය තියෙන්නේ ඇසින් දුටු රූපවල නොවේය. ඒ හෝබාර්ට් සිට රූපවාහිනියෙන් (ඔබ ජාතිකද CSNද කියා කල්පනා කලයුතු නැත. එකල CSN නැත; පුතුන්ද පොඩිය) මා නැරඹු fighting 192 වලය. වලිග පිතිකරු ලසිත් මාලිංග සමග ඔහු ගෙනගිය සටන ඓතිහාසිකය.marvelousය. ජීවත්ව සිටිනතුරු “Mr .ප්‍රබාකරන් ” පසුතැවුණු මාවිල් ආරුවේ tap එක වැසීමට ගත් තීරණය සේම වැරදි තීරණයක් විනිසුරු රූඩි කර්ට්සන් ගත්තේද මෙම තරගයේදීය.

ලෝකයේ හොඳම පිතිකරුවන් අතරින් sir දොන් බ්‍රඩ්මන්ට පමණක් දෙවෙනිවන career එකකින් ස්වකීය ක්‍රිකට් දිවිය අවසන් කොට සමුගෙන යාහැකි මට්ටමකට ලඟා වීමට සංගාට තිබූ ඉවසීම ගැන කියා මෙය හමාර කරමි. එක්දින තරග 86ක් යනතුරු three figure mark එක පසු කිරීමට නොහැකිව සාමාන්‍ය විසි නවයයි දසම ගණනක හිරවී හිටි බව හා ඔහු එක්දින පිටියට සුදුසු නොවන බව කියා අතීතයේ ඔහු විවේචනය කළ, අද ඔහුගැන ප්‍රශස්ති ගයන වයන බොහෝ දෙනෙකුට අමතක වන තරම් බර ලකුණු/ශතක මල්ලක් හා 40.99ක සාමාන්‍යක් රැස් කරගන්නා තුරු, ඔහු කරබාගෙන ඉවසීමෙන් පිත්ත හැසිරෙව්වේය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s