සිරිසේන මැතිනිය

එතුමිය මේ දිනවල කුමාර් ධර්මසේන ක්‍රිකට් විනිසුරුවරයාටත් වඩා ජනප්‍රියය. කුස්සියේ ඉව්වත්, ඉන්දියාවේ යන්න ඇන්දත් කතා බහට ලක්වෙන්නීය. අපේ අම්ම ලුන්ගි අඳින්නේ නැති නිසා ඒ ඇඳුම ගැන මට කියන්න නොතේරේ. ඒත් කුස්සියේ කතාව ගැන කිවහැක . මට හිතෙන්නේ දහම් “මල්ලි ” නම් ඒ අතින් හැබෑ ලක් කාරයෙකි (එදා සන්නස්ගලයන් හා කථාවේදී දහම් මල්ලි ආමන්ත්‍රනය කරනවිදියක් යෝජනා නොවූ බැවින් එය මාගේ හුදු කැමැත්ත මතම දමනලද නමක් බව සැලකුව මනාව) මොකද අපිට වගේ අම්මගේ ටැලිපෝන් පණිවුඩ නිසා රොස් බත් සහ වැංජන ඒ මල්ලිට කන්න වෙන්නෙ නැති නිසාය. අපේ තාත්තත් ඉස්කෝලෙන් පැන්ෂන් ගිහින් අවුරුදු පහළොවකටත් වැඩි උනත් තාමත් තාත්තගේ ඉස්කෝලේ හිටිය ටීචර් ඇන්ටිලා විසේසෙන් අතුකෝරාල ඇන්ටි සහ දලු ඇන්ටි තාමත් ඉඳහිට කෝල් කරති. ඔවුහු තාත්තා සමග කතා කොට අම්මත් ගෙදර හිටීද කියාත් විමසති. එවිට අනේ අපෙ එක්කෙනා කුස්සියේ උයනවා දැන්නම් කෝල් කරන්න හිටන් බැහැයි අපේ තාත්ත කිසිදා නොකියන නිසා අය්යයි මමයි කාපු රොස් වුනු බත් පිඟන් ගණන දහම් මල්ලිගේ වයසට වැඩි මිසක් අඩු නොවේය. එහෙම බලපුවාම එවන් මවක, පියෙක් ලද ඔහු හැබෑවටම නිවුණා නොවේද?.

(අනෙක් වැදගත්ම දේ මට අමතක වෙනවා තව පොඩ්ඩෙන්. ඒ අපේ ජනාධිපතිතුමාට කතා කරලා සුවදුක් විමසලා තියෙන්නේ වෛද්‍යවරියක් කියන එක. අනේ අපිනම් හිතන් හිටියේ මේ දවස්වල එතුමාට පැයෙන් පැයට කෝල් කරන්නේ සමන් රත්තනප්ප්‍රිය මහත්තය ඇතුළු හෙද සංගමේ නෝනලා කියලයි. බලන් යනකොට DAT දීමනාව ගන්නකම් හරි වෛද්‍යවරියොත් ජනාධිපතිතුමාට හොරෙන් හරි කතා කරනවා එහෙනම්.)

සිරිසේන මැතිනිය ඇගේ අතින්ම හිටවල පල වැල නෙළල උයල දෙන කතාව හැම සතිඅන්ත පත්තරේකම දේසපාලන ඕපාදුප තීරයේ එකම සතියේ පල වෙනකොට මේ මාධ්‍යත් දක්කාගෙන දේසපාලකයෝ පරණ පාරෙම යනවා කියල අපට තේරෙනවා කියල එතුමාට තේරුනොත් හොඳය. නැත්නම් ඉතින් මල් වට්ටි අරන් පත්තිරුප්පුවෙත් නැගල බැහැපු ආර්යාවන්ද මැතිනියද කියා වෙනසක් නැත.

Leave a comment